සිරිසේනගේ ප්‍රජා අයිතියත් අහෝසි කළ හැකියි - විජිත 

සිරිසේනගේ ප්‍රජා අයිතියත් අහෝසි කළ හැකියි - විජිත 

ජනාධිපති සිරිසේන විසින් ඔක්තෝබර් 26 වනදා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් දියත්කල දේශපාලන කුමන්ත්‍රණයට අදාළව ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් පමණක් නොව ප්‍රජා අයිතියද අහෝසි කල හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

පාර්ලිමේන්තුවේදී අද (05) අදහස් දක්වමින් මන්ත්‍රීවරයා  මේ බව සඳහන් කල අතර පසුගියදා තම පක්ෂය ඉදිරිපත් කළ කුමන්ත්‍රණ ආණ්ඩුවේ  අගමැති මහින්ද රාජපක්ෂට එරෙහි විශ්වාසභංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත්කර ගන්නට සිරිසේන ජනාධිපති ඩීල් දැම්මේද දෝෂාභියෝගයක් ගෙන ඒමේ අවධානමෙන් මිදීම සඳහා බවද පැවසීය.

සිරිසේන ජනාධිපතිගේ එම දේශපාලන ඩීල්  ගැටයට එක්සත් ජාතික පෙරමුණ හසුවූ බවත් අදාළ වගන්තිය ඉවත්කර නැවත විශ්වාසභංග යෝජනාව සම්මත කරගන්නට කටයුතු යෙදුනේද ඒ හමුවේ බවද ඔහු පැවසීය.කෙසේ වුවත් තම පක්ෂය ව්‍යවස්ථා විරෝධී කටයුතු සිදුකල ජනාධිපති  වැඩ අනුමත නොකරන බවද ඔහු සඳහන් කරේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ එදා මහින්ද රාජපක්ෂ සමඟ එකට ආප්ප කා ඔහුවම පරාජය කල සිරිසේන ජනාධිපති මෙදා මහින්දව හොර අගමැති කෙනෙකු බවට පත්කර කුජීතම කර දැමූ බවද සදහන් කළේය. 

එසේම විධායක ජනාධිපති ධුරය වහාම අහෝසි කලයුතු බවත් නැතිනම් ඉදිරියටත් පිස්සන් ජනාධිපතිවීම හෝ ජනාධිපතිවී පිස්සන් බවට පත්වන තත්ත්වය වෙනස් නොවනු  මන්ත්‍රීවරයා සඳහන් කර  සිටියේය. 20 සංශෝධනය කඩිනමින් සම්මත කරගැනීමේ වැදගත් කමද එහිදී ඉස්මතු කල මන්ත්‍රීවරයා පක්ෂ මාරුව ඇතුළු විධායකයේ අනිසි බලතල ඉවත්කොට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් දිනා ගැනීමට හැකියාව තිබෙන බවද පෙන්වා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න