සිරිසේනගේ මොළේ පරික්ෂා කරන ක්‍රමවේදයක් ගැන ෆොන්සේකා කියයි

සිරිසේනගේ මොළේ පරික්ෂා කරන ක්‍රමවේදයක් ගැන ෆොන්සේකා කියයි

ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන හා හමුදා ප්‍රධානින් වාර්ෂිකව සිය මානසික සෞඛ්‍ය තත්වය පරික්ෂා කර ගත යුතු බවට නීතියක් ඇති බවත් එම ක්‍රමයම ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා පවසයි.

අද (05)  පාර්ලිමේන්තු සැසිවාරයේදි අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර එම ක්‍රමවේදය තුළින් ජනාධිපති  සිරිසේන වැනි මානසික රෝගවලින් පෙළෙන දේශපාලනඥයන්ව  සිය තනතුරුවලින් විවේක ගැන්වීමට හැකි වන බවද  පැවසීය.

එසේම තමන් පසුගිය පාර්ලිමේන්තු අවස්ථාවේ ජනාධිපති තැන තැන ගිහින් එල්ල කරන චෝදනා සම්බන්ධව ප්‍රකාශයක් සිදුකර එය ලිඛිතවද ඉදිරිපත් කල බවත් ඒ සම්බන්ධව  කතානායකවරයා  සුදුසු පියවරක් ගනු ඇති බවද මන්ත්‍රීවරයා සිහිපත් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා පවසා සිටියේ මේ වන විටත් ඊට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  ෆොන්සේකා මන්ත්‍රීවරයා,

ජනාධිපති පෙරේදත් මං ගැන කියලා තිබ්බා. 2010 ජනාධිපතිවරණයෙන් මම දිනුවා නම් පක්ෂ නායකවරුන්ව හම්බෙන්න ලැබෙන එකක් නෑ කියලා තිබ්බා. ජනවාරි 27 වැනි දා පාන්දර 2.02ට තේරීම් භාර නිලධාරී නිකුත් කළ ලියුමක් මම කියවනවා. එච් එම් කේ හේරත් නියෝජ්‍ය පොලිස්පතිට ලියුමක් එවනවා. එහි මෙහෙම තියෙනවා. (ලිපිය කියවයි.)

(එහි සඳහන් කර ඇත්තේ ඡන්ද පෙට්ටි ගෙන ගිය නිලධාරීන්ට පහර දී ඇති බව හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ආරක්ෂකයක් ඉවත් කිරීම සිදු කර ඇති බවයි. )

 එදිනම පාන්දර මැතිවරණ කොමසාරිස් පොලිස්පතිට ෆැක්ස් එකක් ගහනවා. (ලිපිය කියවයි.) 

මේ ලිපි අනුව පැහැදිලි වෙනවා මහින්ද දිනුවද, බලෙන් ගත්තද කියලා. මැතිවරණ කොමසාරිස්ට ආතතිය හැදුනද නැද්ද කියලා පේනවා. මම දිනුවා නම් මේ ජනාධිපති වගේ ව්‍යවස්ථාව කඩන්නේ නෑ. මේ වගේ වැඩ කරන්නේ නෑ. යූ ඇන්පි යෙන් දිනලා අනිත් පක්ෂෙට ගිහින් යූඇන්පියට ගහන්නේ නෑ. පැරදිලා ගිහින් මැදමුලනේ ජනේලේ එල්ලුණු කෙනාව යළිත් අගමැති කරන්නේ නෑ. මමත් සුමාන දෙකකට වරක් පිටරට යන්නෙත් නෑ. මම ඇමැතිවරයෙක් වෙලා අවුරුදු තුන හමාරක් වෙනවා. තවම එක වතාවක්වත් රජයේ මුදලින් පිටරට ගිහින් නැහැ.  

කවුරුහරි කෙනෙක් ලව්වා පොතක් ලියවලා මගේ දුවගේ නමින් පොත් ප්‍රකාශයට පත් කරන්නෙත් නෑ. හැමදාම පණ බයේ අරයා මරයි මෙයා මරයි කිය කියා කියවන්නේ නෑ. මම පණ බයේ ජීවත් වෙන්නේ නෑ. එය ලෙඩක්. මම රංගේ කියලා සල්ලි දීලා කොටා බාන්නෙත් කෑ. මොරගහකන්ද වගේ තැනකට ගිහින් සන්ග්ලාස් දාලා ෆොටෝ ෂූට් කරන්නෙත් නෑ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න