Language Switcher

V2025

අවම ගාස්තුව 10ක් දක්වා පහත දමනු : සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය

ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු මිල සංශෝධනය නොවීම සම්බන්ධව සමස්ථ ලංකා බස් මගී හිමියන්ගේ සංගමය විරෝධය දක්වයි.

අද (05) නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කර සිටියි.

එසේම  අද (05) ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇතුලු ප්‍රවාහන බලධාරීන් සමඟ බස් හිමියන් සිදු කළ ඊනියා සාකච්ඡාවේ දී  සමඟ එකඟ වූ පරිදි බස් ගාස්තු සංශෝධනය දෙසැම්බර් 21 වන තෙක්  කල් නොදමා වහාම ක්‍රියාත්මකවන පරිදි  අවම ගාස්තුව 10ක් දක්වා පහත දැමිය යුතු බවත් සාධාරණ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇතුලු ප්‍රවාහන බලධාරීන්  මැදිහත් විය යුතු බවත් එහි අවධාරණය කර ඇත.

සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමය නිකුත් කල සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ.