සංචාරක ක්ෂේත්‍රයට : සිරිසේනව තිත්ත වෙලා : "සම්මාන උළෙල" වර්ජනය කරයි 

සංචාරක ක්ෂේත්‍රයට : සිරිසේනව තිත්ත වෙලා : "සම්මාන උළෙල" වර්ජනය කරයි 

ජනාධිපති සිරිසේන ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන බැවින්  මේ වසරේ පැවැත්වීමට නියමිත සංචාරක සම්මාන උළෙල වර්ජනය කිරීමට සංචාරක කර්මාන්තයේ ප්‍රධානින් තීරණය කර තිබෙනවා.  

රටේ දේශපාලන අර්බුදයක් හා ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් නිර්මාණය කර සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට ඉඩ සළසමින් අද වන විට සිදු වී ඇති තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු ජනාධිපති සිරිසේන ට ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සම්මාන උළෙල සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔවුන් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. 

මෙම සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදි හෙට (06) පැවැත්විමට නියමිතව තිබෙනවා. එහිදි විවිධ හෝටල් ජාලයන් පවසා සිටින්නේ යම් හෙයකින් ජනාධිපතිවරයා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන සම්මාන උළෙලේ දි සම්මානලාභීන් ලෙස සිය නම් නිවේදනය කළහොත් එම සම්මාන ගැනීමට වේදිකාවට නොපැමිණෙන බවයි. 

මීට පෙර මෙම සම්මාන උළෙල සංවිධාන කරන මුල් අදියරේදි සංචාරක සංවර්ධන අධිකාරිය මෙහි ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා කිරීමට සැළසුම් කර තිබුණේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටයි. නමුත් ඔක්තෝබර් 26 වැනිදා සිරිසේන ගේ කුමන්ත්‍රණයත් සමඟ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩොරිස් මහතාට ආරාධනා කිරීමට සැළසුම් කර තිබුණා. 

කෙසේ නමුත් සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි රත්නායක සංචාරක කර්මාන්තය හාන්සි කළ , දේශපාලන කුමන්ත්‍රණයේ නියමුවා වන ජනාධිපතිවරයාට ආරාධනා කිරීමට තීරණය කර තිබෙන බව කලම්බු ටෙලිග්‍රාෆ් පුවත් සේවය පවසනවා. 

පසුගිය මාසයේ දේශපාලන කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස සංචාරක කර්මාන්තයේ මෙම බිඳ වැටීමත් සමඟ  සංචාරක කර්මාන්තයෙට සම්බන්ධ ක්ෂේත්‍රවල නියැළෙන 300,000ට වැඩි ප්‍රමාණයක් පිඩාවට පත් වුණා. ඒ හේතුවෙන් එම ක්ෂේත්‍රව ආදායම සීඝ්‍ර ලෙස පසු බැස තිබෙනවා. 

සම්මාන උළෙලට ජනාධිපති සිරිසේනගේ පැමිණීම සම්බන්ධයනේ සංචාරක ක්ෂේත්‍රෙය් දැඩි මතබේදයක් හට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් හෙට දිනයේදි සිය විරෝධය පළ කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න