අධිකරණයට කට්ටි පැන්න රවීට ඇප : යළි කට්ටි පැන්නොත් දිගටම හිරේ !

අධිකරණයට කට්ටි පැන්න රවීට ඇප : යළි කට්ටි පැන්නොත් දිගටම හිරේ !

හිටපු නාවික   හමුදාපති  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න  ලක්ෂ  10 ක ශරීර ඇප දෙකක් මත  මුදා හැරීමට කොළඹ කොටු මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (05) නියෝග කර ඇත.

ඇප මත සිටියදී කිසිදු අයුරකින්  විමර්ශනවලට බාධා නොකළ යුතු බවත් තනතුර පාවිච්චි කරමින් සාක්කිකරුවන්ට  බලපෑම් නොකළ යුතු බවත් විශේෂයෙන්ම  ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි  යන  නිලධාරීයාට බලපෑම් නොකළ යුතු බවට ද මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

දැනුම්දෙන ඕනෑම අවස්ථාවකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවත්  යම් හෙයකින් ඇප කොන්දේසි කඩ කළහොත් ඇප කොන්දේසි අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී පැවසීය.

පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව  එහි ප්‍රධාන සැකකරුවන   ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි  නොහොත්  නේවි සම්පත්ට රැකවරණය ලබා දුන්නැයි කියන සිදුවීම සම්බන්ධයෙන් හා එම  සිද්ධියේ ප්‍රධාන  සාක්කිකරුවකු වන  නාවික හමුදා ලුතින්න කමාන්ඩර් ගලගමගේ ලක්සිරි නැමැත්තාට තර්ජනය කිරීම   හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව ඇති චෝදනා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න