Language Switcher

V2025

ලක්ෂමන් යාපා කිව්වේ බොරු : රනිල්ට දෙන්නෑ  කිව්වේ නෑ - ජනපති උපදේශක !

පාර්ලිමේන්තුවේ කොපමණ බහුතරයක් පෙන්වූවත් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වෙත අග්‍රාමාත්‍ය ධුරය ලබානොදෙන බවට ජනාධිපති සිරිසේන පැවසූ බවට යන ප්‍රචාරය මුළුමනින්ම සාවද්‍ය බව ජනාධිපති ජේෂ්ඨ උපදේශකයකු අවධාරණය කරයි.

මේ වන විට ජාතික මාධ්‍ය කිහිපයක news alert හරහා මේ බව ප්‍රචාරය වෙමින් පවතින බවත් සඳහන් කල ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපති සිරිසේන පැවසූ කතාව ඉතා සූක්ෂමව විකෘති කිරීමට කිසියම් පාර්ශවයක් කටයුතු කර ඇති බවය.

ජනාධිපති ජේෂ්ඨ උපදේශකයා සඳහන් කරන ආකාරයට සන්ධාන නායකයින් සමග පැවති සාකච්ජාවේදී ජනාධිපති පවසා ඇත්තේ තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට සූදානම් බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන පාර්ශවයට අගමැති ධුරය ලබාදෙන බවය. එහිදී රනිල් වික්‍රමසිංහට බහුතරය ඇත්නම් කරන්නට දෙයක් නැති බවත් නමුත් තමන් අඛණ්ඩව රනිල් විරෝධී දේශපාලනයක නිරතවන බවද ජනාධිපති සිරිසේන පවසා ඇත. එසේම ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් එක්සත් ජාතික පෙරමුණ සමඟ ආණ්ඩු කිරීමට සූදානමක් ගැන වාර්තා වී ඇති බවත් ඊට තමන්ගේ විරෝධයක් නැති අතර ඒ සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට වත් තමන් කටයුතු නොකරන බවද සිරිසේන ජනාධිපති පවසා ඇත. එහෙත් ශ්‍රීලනිප ය පක්ෂයක් ලෙස රනිල් විරෝධී ප්‍රතිපත්තියක සිට ඉදිරි දේශපාලන කටයුතු සිදුකරන බවද එහිදී ජනාධිපති අවධාරණය කර ඇත.

කෙසේ වුවත් "රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයාට යළිත් අග්‍රාමාත්‍ය ධුරය ලබානොදෙන බවට ජනාධිපතිවරයා පැවසු බව   news alert ලෙස පැමිණි "හිරු"  වාර්තා කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා උපුටා දක්වමින්ය.

පහත දැක්වෙන්නේ ඒ  news alert ය.

48269203 516662052170215 8257675672873336832 n