නීති විරෝධී FM ගුවන් විදුලි නාලිකාවක් වටලයි

නීති විරෝධී FM ගුවන් විදුලි නාලිකාවක් වටලයි

නීතී විරෝධීව දැරණියගල නගරයේ සිට විකාශනය කළ FM නාලිකාවක් ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පසුගියදා වටලා ඇත.

කොමිෂන් සභාව සතු අති නවීන පිරික්සුම් පද්ධතිය මගින් මෙම ස්ථානය අනාවරණය කරගත් අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මේ වැටලීම සිදු කර ඇති අතර,  ගුවන් විදුලි විකාශයක් සදහා අවශ්‍ය සියලූ තාක්‍ෂණික උපකරණ හා ඒ සදහා සහාය වන අනෙකුත් උපකරණ විශාල තොගයක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබාගත් නිසි බලපත‍්‍රයක් නොමැතිව ගුවන් විදුලි තරංග විමෝචක උපකරණ භාවිතා කිරීම 1991 අංක 25 දරණ විදුලි සංදේශ පනත හා සංශෝධිත 1996 අංක 27දරණ පනත යටතේ ද`ඩුවම් ලැබිය හැකි වරදකි. මීට පෙරද මෙවැනි නීති විරෝධී විකාශන උපකරණ හා එම විකාශනවලට සම්බන්ද පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයන් හි නඩු පවරා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ශාමල් ජයතිලක මහතා පැවසීය.

නීති විරෝධි සංඛ්‍යාත විමෝචන උපකරණ ක‍්‍රියාත්මක කලහොත් විනාඩි කිහිපයක් තුළදී හදුනාගැනීමට හැකිවන ස්වයංක‍්‍රීය සංඛ්‍යාත පිරික්සුම් මධ්‍යස්ථාන 2018 වසරේ දී මුළු දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපනය කෙරේ. ඒ මගින් නීති විරෝධීව ගුවන් විදුලි තරංග විමෝචන උපකරණ හා භාවිතා කරන්නන් ක්‍ෂණිකව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

දැරණියගලදී අත්අඩංගුවට ගත් උපකරණ හා සැකකරුවන් අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Studio

Building

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න