යෝජිත පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බොරලැස්ගමුව නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂක බන්දුල චන්ද්‍රසේකරගේ මැතිවරණ කාර්යාලය වෙත මැර ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වෙයි.
මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා බොරලැස්ගමුව විශ්වවිද්‍යාල මාවතේ මෙම මැතිවරණ කාර්යාලය ආරම්භ කරනු ලැබුවේ පසුගිය 30 වනදා වන අතර මැර ප්‍රහාරය එල්ලවී ඇත්තේද එදිනම රාත්‍රියේය.
මැර ප්‍රහාරය හේතුවෙන් එම කාර්යාලයේ විදුලි ආලෝක උපකරණ වලට හානි සිදුව ඇති අතර අදාළ පහරදීම සම්බන්ධව බොරලැස්ගමුව පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදුකොට ඇත.
එළඹෙන පළාත් පාලන මැතිවරණය ජාතික හෙළ උරුමය පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා ලැබූ බන්දුල චන්ද්‍රසේකර මහතා 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය සහ යහපාලන ආණ්ඩුව පිහිටුවීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකළ අයෙකි. එසේම ජාතික හෙළ උරුමය පක්ෂයේ මධ්‍යම කාරකසභිකයකු ලෙසද ඔහු කටයුතු කරයි.
{gallery}bandula_C-{/gallery}
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට එයට ප‍්‍රතිචාර දැක්වීමට අදාළ පාර්ශ්වයට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්රතිචාර

