පුංචි ජන්දයෙන් පසුව අලි ඇතුන් පුජාවක්

පුංචි ජන්දයෙන් පසුව අලි ඇතුන් පුජාවක්

එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසුව දිවයින පුරා වෙහෙර විහාර වෙත අලි ඇතුන් 70ක් පමණ බෙදාදීමට බුද්ධශාසන, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය තීන්දුකර ඇති බව වාර්තා වෙයි.

විහාරස්‌ථාන සහ දේවාල විසින් සිදුකර ඇති ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇති අතර මේ දිනවල එම විහාරස්ථානවලට අලි ඇතුන් නඩත්තු කිරීමේ හැකියාවක් ඇත් දැයි සොයා බැලීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවද වාර්තා වෙයි.

එසේම අලි ඇතුන්ගෙන් හා වන සතුන්ගෙන් මිනිසුන්ට සිදුවන හානි සඳහා ගෙවන වන්දි මුදල් වැඩි කිරීමටත් විදුලි වැට ක්‍රියාත්මක කිරීමටත් යොදවා ඇති සිවිල් ආරක්ෂක භටයන් ඉවත් කර එම අවස්ථාව අදාළ ප්‍රදේශ වල ජනතාවට පැවරීමටත් අමාත්‍යංශය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

ඊට අනුව වන සතුන්ගෙන් සිදුවන හානිය හා වගා විනාශයන් වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 05 දක්වා වැඩි කිරීමටත් වගා වන්දි සඳහා අක්කරයකට රුපියල් විසිපන්දාහ බැගින් ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් වන්දි මුදල් ලබාදීමට ද අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 සංචාරක ක්ෂේත්‍රය සඳහා යොදවා ඇති හීලෑ අලි ඇතුන්ගේ පිට මත මිනිසුන් 04 දෙනකු පමණක් රැගෙන යා හැකි බවත් දවසේ පැය කීපයක් මේ සතුන්ට නිදහසේ සිටීමට ඉඩ ලබාදෙන නීති පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගැනීමටද නියමිත බව වාර්තා වෙයි.

 newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට එයට ප‍්‍රතිචාර දැක්වීමට අදාළ පාර්ශ්වයට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න