ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ ඉරිදා දිනයේදී දිවුරුම් දීමත් සමගින් නව ආණ්ඩුවක් පිහිටුවන අතර එහි දිවුරුම් දෙන අමාත්‍ය මණ්ඩලයේදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමතිධූර කිහිපයක් ලැබෙනු ඇතැයි එම ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
නව ආණ්ඩුව එක්සත් ජාතික පෙරමුණේ අාණ්ඩුවක් හෙයින් අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා වන අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 45කට සීමාවන තත්ත්වයක් පාර්ලිමේන්තුවේ පවතී.
මේ අතර වැඩිදුරටත් ලැබී ඇති තොරතුරු වලට අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය ලබා ගැනීම කෙරෙහිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. එහිදී මහින්ද රාජපක්ෂට විපක්ෂනායක ධූරය ලබාදීමට නොහැකි බවත් ඔහු මේ වන විටත් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලැබීම ඊට හේතුවී ඇති බවද ශ්‍රීලනිප බහුතරයක ස්ථාවරය වී ඇති බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
