Language Switcher

V2025

ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයට  අංශභාග රෝගය වැළඳිලා !

මෙරට සියළු මාධ්‍ය නාලිකා වල අද (15) දහවල්  පුවත් විකාශයන්හී එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව පුවතක් වී තිබුණත් ජාතික රූපවාහිනි පුවත් විකාශයේ එවැන්නක් සඳහන්වූයේ නැත.

සෑම නාලිකාවකම මෙම පුවත ආවරණය කර සිටියේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ හොර අගමැති ලෙස කුප්‍රකටවූ මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීමට සමගාමී පුවත වශයෙන්ය.

ඒ අනුව පෙනී යන්නේ ඔක්තෝබර් 26 වනදා කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමත් සමඟ රූපවාහිනිය අරක්ගත් මැදමුලන  බත් බැලයන් මේ මොහොත වන තුරුත් රූපවාහිනිය අරක්ගෙන සිටින බවය. 

සැබවින්ම ඔක්තෝබර් 26 වනදා ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය දියත්වීමත් සමඟ මේ බත් බැලයන් අවම වශයෙන් ඒ වන විටත් එවකට මාධ්‍ය අමාත්‍යවරයා වූ මංගල සමරවීර මෙන්ම රාජිත සේනාරත්න ඇතුළු පිරිසට ප්‍රකාශයක්වත් ලබාදීම සඳහා එම පරිශ්‍රයට ඇතුල්වන්නට ඉඩදුන්නේ නැත. එපමණක් නොව එම අමාත්‍යවරුන්ට මරණ තර්ජන කරන තැනට ඔවුන් පත්වූ බවත් ඊට අදාළ වීඩියෝ සාක්ෂි පවා මේ වන විට ප්‍රසිද්ධවී ඇත. 

ඒ අනුව පෙන්නුම් කරන්නේ තමන්  මාධ්‍ය වාර්තා කරණයේ අවම සදාචාරය පවා නොහඳුනන බව මැදමුලන බත් බැලයන් දිගින් දිගටම සිය භාවිතය තුළ ඔප්පු කරමින් සිටින බවය.