මෙවැනි ඓතිහාසික ලියවිල්ලක් සමාජගත කිරීම පිළිබදව මුලින් ම ලයනල් බෝපගේ සහෝදරයා වෙත ගෞරවයෙන් සුභ පැතිය යුතු ය.
මෙම කෘතිය 1971 සටන් බිම්වල සහ අඳුරු සිරකුටි තුළ විමුක්ති ගී රාවය දෝංකාර දුන් ආකාරය පිළිබඳ ඓතිහාසික මූලාශ්‍රයකි.
ලයනල් බෝපගේ
''ගිටාරය වාදනය කරන්නා විප්ලවවාදියෙකු නම්, එය මාරාන්තික අවියක් මෙන්ම වෙඩි උණ්ඩයක් කරගත හැකිය...'' චිලී දේශයේ අමරණීය කලාකරු වික්ටර් හාරා එදා කී ඒ සත්‍යය, ලාංකීය පොළොවේ යථාර්ථයක් කළේ ජනතා විමුක්ති පෙරමුණේ ''විමුක්ති ගී'' ප්‍රසංගය යි. ගීතය, කවිය හෝ කලාව යනු හුදු විනෝදාස්වාදයක් පමණක් නොව, මිනිස් විඥානය අවදි කරන ප්‍රබලතම දෘෂ්ටිවාදාත්මක අවියක් බව 71 අරගලයේ පුරෝගාමීන් මැනවින් වටහාගෙන තිබුණි.
ඒ ඉතිහාසය අද දවසේ ලියා තැබීමට, එදා ඒ අත්දැකීම්වල ජීවමාන කොටස්කරුවෙකු වූ ලයනල් බෝපගේ සහෝදරයාට වඩා සුදුස්සකු තවත් නැත. තබ්ලාව වෙනුවට සිරගෙදර 'බෙලෙක් තැටිය' මත තාල තබමින්, මරණය හමුවේ පවා නොසැලී ගැයූ ඒ විප්ලවීය ගීත උපත ලැබූ අයුරු මෙහි විස්තර වේ. විප්ලවීය කලාවේ ගමන්මග විමසා බලන්නටත්, ඉතිහාසයේ ඒ අභිමානවත් යුගය හඳුනාගන්නටත් කැමති සෑම ප්‍රගතිශීලී මිනිසකු ම කියවිය යුතුම කෘතියකි "අරගලකරුවන්ගේ විප්ලවීය ගීත කලාවේ ඉතිහාසය'' නම් වූ කෘතිය.
සිය සෞඛ්‍ය තත්ත්වය පවා නොතකා, අනාගත පරපුර වෙනුවෙන් මේ ඉතිහාසය ලේඛනගත කිරීමට බෝපගේ සහෝදරයා දැක්වූ ඒ විප්ලවීය කැපවීම අප සැමගේ ගෞරවයට පාත්‍ර විය යුතු ය. ඉතිහාසය අමතක නොකරන, කලාව අවියක් කරගත් ඒ අතීතයට ආදරය කරන ඔබ සැමට මේ මහාර්ඝ කෘතිය කියවීමට මම ඇරයුම් කරමි!
"අරගලකරුවන්ගේ විප්ලවීය ගීත කලාවේ ඉතිහාසය'' කෘතිය සුසර ප්‍රකාශනයකි.
ගාමිණී මුතුකුමාරණ
සබැඳි පුවත්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
