Image

පැන්න තිදෙනෙක් යළිත් එන්න සාකච්ඡා : "ඇමති එපා ආසනයක් දෙන්න" විජේදාස ඉල්ලයි !

පැන්න තිදෙනෙක් යළිත් එන්න සාකච්ඡා : "ඇමති එපා ආසනයක් දෙන්න" විජේදාස ඉල්ලයි !

කුමන්ත්‍රණ ආණ්ඩුවට සහයදී අමාත්‍ය ධුර ලබාගත් එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් තිදෙනෙකු නැවතත් එක්සත් ජාතික පක්ෂය සමඟ  එක්වීමට සාකච්ජා කරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එම ආරංචිමාර්ගවලට අනුව, විජේදාස රාජපක්ෂ, එස්.බී. නාවින්න, දුනේෂ් ගන්කන්ද, යන මන්ත්‍රීවරුන් තිදෙනා යළි එජාපයට එක්වීමට එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානියකු සමඟ  දුරකතනය හරහා සාකච්ජා කර ඇතිබව වාර්තා වන අතර විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා නැවත අමාත්‍ය ධූරයක් නැතත් හෝමාගම හෝ මහරගම එක්සත් ජාතික පෙරමුණ ආසන සංවිධායක ධුරය ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙන බවද දැනගන්නට ඇත.

එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුව තුල බහුතර බලයක් පවත්වා ගෙනයාම සඳහා මෙම මන්ත්‍රීවරුන් තිදෙනා මෙන්ම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් එක්කර ගත යුතු බව මෙම කපුකමට මැදිහත්ව සිටින එජාප මන්ත්‍රීවරයා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඒත්තු ගන්වමින් සිටින බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

එස්.බී. නාවින්න අතීරණයක !

කෙසේ වුවත් යළිත් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධවීම ගැන විමසීමේදී එස්.බී. නාවින්න මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් තවමත් යළි පක්ෂ මාරුවක් සම්බන්ධව තීරණයක් ගෙන නොමැති බවය. එසේම මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා තවත් කාලයක් තිබෙන බැවින් ඒ වන තුරු ජනතාවට සේවය කිරීමේ අපේක්ෂාව තමන්ට ඇති බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න