Image

සිරිසේන ජනමාධ්‍ය - නීතිය හා සාමය අමාත්‍යංශ ගැනීමේ සූදානමක !

සිරිසේන  ජනමාධ්‍ය - නීතිය හා සාමය අමාත්‍යංශ ගැනීමේ සූදානමක !

ජනමාධ්‍ය අමාත්‍යංශය සහ නීතිය හා සාමය අමාත්‍යංශය අමාත්‍යංශය තමා සතුව තබා ගන්නට සිරිසේන ජනාධිපති උත්සාහයක සිටින බව වාර්තා වෙයි.

ජනාධිපති සිරිසේන පාර්ශවය විසින් මේ බව එක්සත් ජාතික පෙරමුණ වෙත දන්වා ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ එක්සත් ජාතික පෙරමුණ සිරිසේන ජනාධිපතිගේ මේ තීරණය සම්බන්ධව විරෝධය පළකර ඇති බවය.

එසේම ජනාධිපති සිරිසේනට එවැනි තීරණයක් ගැනීමට නොහැකි බවත් ව්‍යවස්ථාවට අනුවද එය නිවැරදි නොවන බවද එහිදී එක්සත් ජාතික පෙරමුණ දන්වා ඇති බවද වාර්තා වෙයි.

පැහැදිළිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධන‌යේ 51 වගන්තිය අනුව ජනාධිපතිවරයාට තබා ගත හැක්කේ රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධන සහ පරිසරයට අදාල අමාත්‍යාංශ පමණක් වන අතර  ඒ උල්ලංඝනය වන ආකාරයට කටයුතු කිරීමට සිරිසේන ජනාධිපතිට නොහැකිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න