ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකු එක්සත් ජාතික පෙරමුණ පිහිටුවන ආණ්ඩුවේ අමාත්‍යධුර ලබා ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15-20 ත් අතර පිරිසක් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට සහයදීමට ඉදිරිපත්ව ඇති නමුත් ඔවුන් සියලු දෙනා ආණ්ඩුවේ කුමන හෝ තනතුරක් අපේක්ෂා කරන බැවින් මන්ත්‍රීවරුන් 5ක් සඳහා අමාත්‍යධුර, රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යධුර ලබාදීමට එක්සත් ජාතික පෙරමුණ විසින්ද එකඟත්වය දක්වා ඇති බවත් දැනගන්නට ඇත.
මේ සම්බන්ධව මාධ්‍ය කල කරුණු විමසීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර සඳහන් කොට ඇත්තේ ය නව රජයට එක්වෙනවාද නැද්ද යන්න ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇති බවය.
තවද නව රජයට එක්නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊයේ (15) වනවිට තීරණය කර තිබූ බවද පවසා ඇති මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡාවක් 17 වනදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවද පවසා ඇත.
කෙසේ වුවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ මහින්ද අමරවීර ද එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධුරයක් ලැබීමට නියමිත ලයිස්තුවේ සිටින බවය. එහෙත් එක්සත් ජාතික පෙරමුණ මේ සම්බන්ධව තවම ස්ථිර ස්ථාවරයකට පැමිණ නැති බවත් යළිත් ශ්‍රීලනිප අනන්‍යතාව සහිත ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂයේ බහුතරය අකමැත්තෙන් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
