Image

සිරිසේනගේ කතා සිරිසේනවත් විශ්වාස කරනවද ?

සිරිසේනගේ කතා සිරිසේනවත් විශ්වාස කරනවද ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ දිවුරුම්දීමෙන් පසුව ජනාධිපති සිදුකළ ප්‍රකාශය ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය යටයවා තමන් නිවැරදි බව පෙන්වීමට ගනුලැබූ අසාර්ථක උත්සාහයක් බව දේශපාලන විචාරකයන් පවසයි.

එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ ජනාධිපති සිය ප්‍රකාශයේ දැක්වූ කිසිම කරුණකින් ඔක්තෝබර් 26 සිට ඔහු කළ ව්‍යවස්ථා විරෝධී කටයුතු කිසිවක් සාධාරණීකරණය නොකරන බවය.

තවද දේශපාලන විචාරකයන් පෙන්වාදෙන ආකාරයට භික්ෂූන් කිහිප නමක් සතුවූ අනවසර අලි අත්අඩංගුවට ගැනීම, රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක අංශ සාමාජිකයන් යොදවා සිදුකර ඇති අපරාධ සම්බන්ධව ජනාධිපති සිරිසේන දැක්වූ ප්‍රතිචාර කොහෙත්ම යුක්ති සහගත නැත. ඒ වෙනුවට එහි ඇත්තේ භික්ෂූන් සහ යුද හමුදා සාමාජිකයන්ගේ අවදානය දිනා ගැනීමේ ප්‍රයත්නයක් බවත් එහෙත් ඒ ප්‍රයත්නය රාජපක්ෂ රෙජීමය 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ අත්හදා බලා අසාර්ථක වූවක්‍ ය.

එසේම සිය කතාව තුල ජනාධිපති සිරිසේන 19 සංශෝධනය හොදක් කියා ඒ හරහා ශක්තිමත් වූ ස්වාධීන ආයතන ව්‍යුහ විවේචනය කිරීම තුල යලිත් තහවුරු කරන්නේ 19 සම්බන්ධව සිරිසේන ජනාධිපති ට වන වෛරී හැගීම මිස අනෙකක් නොවේ. එසේම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කල බල ආයතන ශක්තිමත් නොවන්න යලිත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වැලලීම ට ඉඩ තිබූ බවත් එබැවින් ඒ තවදුරටත් ශක්තිමත් කිරීමට පුරවැසි මැදිහත්වීම අවශ්‍ය බවද ඔවුන් පෙන්වා දෙයි.

එපමණක් නොව විධායක ජනාධිපති බලතල අහෝසි කිරීමට පොරොන්දු දුන් එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා අද යම් ප්‍රමාණයකට ඒ අහිමි බලතල ගැන බලවත් කම්පනය කින් පසුවන බවය. එහෙත් ඒ බලය අහිමිවීමේ කම්පනය වසා ගැනීමට ඔහු බැදුම්කර ගනුදෙනුව පෙන්වන නමුත් ඒද ඉතා දුර්වල සහ අසාර්ථක ප්‍රයත්නයකි.

මන්ද බැදුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාවේ රහස් ලේඛන ලෙස සිරිසේන ජනාධිපති සන්තකයේ තිබෙන ලේඛනවත් ප්‍රසිද්ධියට පත්කරන්න ඔහු කටයුතු කර නොමැති නිසාය. අවම වශයෙන් ඒ ගැන මෙතරම් අර්බුද සමයක පවා අනාවරණය නොකිරීම පිටුපස ඇත්තේ ඒ හෙලිදරව්වීම සිරිසේන ජනාධිපති අකමැති හෝ බියක් දක්වන බවය.

විනිසුරුවන් පත්කිරීම මෙන්ම ව්‍යවස්ථා විරෝධී ගැසට් නිවේදන නිකුත් කිරීම ගැනද කියන්නට ඇත්තේ ජනාධිපතිගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව අනුමත නොකරන තෙක් නොතිබූ විවේචනයක් එකවර මතුවූයේ කෙසේද යන්නය. ඒ සැකය අලුත් කරන්නේ ඔක්තෝබර් 26 සිට සිරිසේන ජනාධිපති සිදුකරන සෑම ප්‍රකාශයක් තුල අලුත් චෝදනා එක්වීමක් , ඇතැම් පැරණි චෝදනා ඉවත්කර ගැනීමත් නිසාය.

එහෙත් ඒ සියල්ල අවසන් වන්නේ ජනාධිපති සිරිසේන ට බරපතල අවාසි ගෙනෙමින්‍ ය. නිදර්ශනයක් ලෙස බැදුම්කර ඉතිහාසයම දූෂිත බව සිරිසේන ජනාධිපති කියන විට එහි ආරම්භය රාජපක්ෂ සමයය. නැත්නම් බැදුම්කර වංචා හදුන්වාදෙනු ලැබූ රාජපක්ෂ යනු සිරිසේනගේ රනිල් වෙනුවට සිටි විකල්පය ය.

එසේම තම කාර්‍ණ්ඩල ප්‍රධානියා අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගැනීම සිහිපත් කර තමා ඊට බලපෑම් නොකළ බව හෝ පවසන්න සිරිසේන ජනාධිපතිට නොහැකිව ඇත්තේ මන්ද යන ප්‍රශ්නය කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කලයුතුව ඇත. ලංකා ඉතිහාසයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීන් අතටම අල්ලාගත් පලමු ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානියා කෙසේ මේ දූෂණ විරෝධී ජනාධිපති ට අතපසුවීද ?

එවැනි පසුබිමක තමන් කරන මේ ප්‍රකාශ කවුරුවත් විශ්වාස කරන බව ජනාධිපති සිරිසේන සිතනවාද ? සිරිසේන ජනාධිපති ඔබ එහෙම හිතනවාද ?

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න