Image

මධුමාධවගේ ප්‍රකාශය ගැන සන්ධ්‍ය එක්නැලිගොඩ CID යට

මධුමාධවගේ ප්‍රකාශය ගැන සන්ධ්‍ය එක්නැලිගොඩ CID යට

මධුමාධව අරවින්ද මහතා විසින් ප්‍රගීත් එකනැලි ගොඩ මහතා සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශයක් ගැන පැමිණිලි කිරීම සඳහා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද (17) උදේ 11.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යාමට නියමිත බව වාර්තා වේ.

ප්‍රගීත් එකනැලි ගොඩ මහතා ඩුබායි හි මාන් ප්‍රදේශයේ ජීවත් වන බවත් තමන් ප්‍රසංගයකට සහභාගී වීම සඳහා ඩුබායි රටට ගිය පසු මාන් ප්‍රදේශයේ ජීවත්වන තරුණයෙකු තමන්ට මේ බව තහවුරු කළ බවත් මධුමාධව අරවින්ද මහතා සිය මුහුණු පොතේ සටහනක් යොදමින් සඳහන් කර ඇත.

එය උපුටා දක්වමින් සති අන්ත පුවත්පතක්ද එය සිය පුවත්පතේ වැඩි ඉඩක් ලබාදෙමින් පල කර තිබේ.

මධුමාධව අරවින්ද මහතා මෙම සටහන සම්බන්ධයෙන් සත්‍ය අසත්‍ය තත්වය අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් තමන් මෙලස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත හෙට පැමිණිලි කරන බවද සන්ද්‍යා එක්නැලි ගොඩ මහත්මිය පවසයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න