Image

අද ශ්‍රීලනිප සාමාජිකයා වැටට තියලා ගහපු අමුඩේ වගේ - විජිත් විජිතමුණි සොයිසා

අද ශ්‍රීලනිප සාමාජිකයා වැටට තියලා ගහපු අමුඩේ වගේ - විජිත් විජිතමුණි සොයිසා

මේ වන විට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  සාමාජිකයන්ට සිදුව ඇත්තේ බාඳුරා මලට වැටුණු කොඳුරුවාගේ ඉරණම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා පවසයි.

පාර්ලිමේන්තුවේදී අද (18) එක්සත් ජාතික පෙරමුණ වෙත සහය දක්වමින් එක්වීමෙන් පසුව මන්ත්‍රීවරයා සභාව අමතමින් ඒ බව පැවසූ අතර වැටට තබා අමුඩය ගැසුවාක් මෙන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද කොහේටවත් යාගත නොහැකිව එක තැන හිරවී ඇති බවය. ඒ හමුවේ අමුඩය ගළවාගෙන යනවාද වැට ගලවාගෙන යන ගමන ගැන තීන්දුවක් ගතයුතු තැනක ශ්‍රීලනිපය තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
 
මෙහිදී 1979 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාව මෙන්ම එතැන් පටන් තම දේශපාලන දිවියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපකළ ආකාරයද මන්ත්‍රීවරයා සිහිපත් කර සිටියේය. එසේම රාජපක්ෂ පාලන සමයේදී තමන්ට සිය පාක්ෂිකයන් වෙනුවෙන් කිසිවක් කිරීමට අවස්ථාවක් නොදුන් නමුත් ඔහුට ගරු කරන බව පැවසූ මන්ත්‍රීවරයා කෙසේ වුවත් ඔහුවටා සිටින සුනඛ සහ පිසාච පන්නයේ පිරිස් සමඟ කටයුතු කිරීමට තමන්ට නොහැකි බවද පැවසීය.
 
එමෙන්ම යහපාලන ආණ්ඩු සමයේ ලැබුණු අමාත්‍යධුරය හේතුවෙන් තමන්ට මොණරාගල වෙනුවෙන් සැළකිය යුතු කාර්ය භාරයක් ඉටුකිරීමට හැකිවූ බවද මන්ත්‍රීවරයා පැවසීය. තවද එම වගකීම ඉදිරියට ඉටුකිරීම තම අපේක්ෂාව බවත් ඒ හැර අමාත්‍යධුර හෝ වෙනත් කිසිඳු ලාභ අපේක්ෂාවක් තමන්ට නැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම දේශපාලන අස්ථාවරත්වය නැති කිරීමට මිස තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්නොවන බවද මන්ත්‍රීවරයා පැවසීය.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න