Image

විජිතමුණි සොයිසා ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රී 4ක් : එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එක්වෙයි !

විජිතමුණි සොයිසා ඇතුළු  ශ්‍රීලනිප මන්ත්‍රී 4ක් : එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එක්වෙයි !
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනවිරත්න, පියසේන ගමගේ, ඉන්දික බණ්ඩාරනායක  පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට සහය පළකර එක්විය.
 
ඒ අද (18) පාර්ලිමේන්තු සභාව ආරම්භ කල අවස්ථාවේය.
 
පාර්ලිමේන්තුව ආරම්භ වන අවස්ථාව වන විට මාධ්‍ය වාර්තා පළවුයේ විජිත් විජිතමුණි සොයියා මන්ත්‍රීවරයා පමණක් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එක්වීමට සූදානමක් ඇති බවය. නමුත් මෙහිදී ඔහු සමඟ තවත් මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු එක්ව ඇත.
 
තවද අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පත්වූ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මන්ත්‍රී මහින්ද අමරවීර පත්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න