Image

විපක්ෂ නායක මහින්ද පමණයි : පොහොට්ටුව දැඩිව කියයි !

විපක්ෂ නායක මහින්ද පමණයි : පොහොට්ටුව දැඩිව කියයි !

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සඳහා මහින්ද රාජපක්ෂ පත්කළ යුතු බවට එම පාර්ශවයේ මන්ත්‍රී කණ්ඩායම දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වෙයි.

දේශපාලන කුමන්ත්‍රණය පරාජවීමත් සමඟ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට සහ විපක්ෂනායක ධුරය ලබාගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කළ අතර ඊයේ (17) රාත්‍රියේ හමුවූ ජනාධිපති සිරිසේනගේ පාර්ශවයේ තීරණය වූයේ ඒ සඳහා නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා පත්කර ගැනීමටය.

නමුත් අද (18) එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මහින්ද පාර්ශවයේ මන්ත්‍රීවරුන් දැඩිව අවධාරණය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ හැර වෙනත් කිසිවෙකුට එම ධුරය ලබාදීමට තමන් සූදානම් නැති බවය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරු 10.00 ට පමණ මෙම හමුව ආරම්භවී ඇති අතර ඊට කුමන්ත්‍රණ ආණ්ඩුවේ හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහභාගී වී සිටින බවද දැනගන්නට ඇත.

එසේම ජනාධිපති සිරිසේනට පමණක් අවශ්‍ය ආකාරයට තම පාර්ශවය සම්බන්ධව තීන්දු තීරණ ගත නොහැකි බවත් එහිදී එම මන්ත්‍රීවරුන් අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරු 04.00 ට රැස්වීමට නියමිතව තිබෙන බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න