Image

අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම කල්යන ලකුණු !

අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම කල්යන ලකුණු !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළත් නව ඇමති මණ්ඩලය අද (18) දිවුරුම්දෙනු ඇතැයි අපේක්ෂා කළත් එය හෙට (19) දිනය දක්වා කල්යන තත්වයක් මතුව තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලය 30කට සහ රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිධුර 40කට සීමා කර තිබීමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව රජයට එක්වීම සඳහා සූදානම්ව සිටින මන්ත්‍රීවරුන්ට ලබාදෙන අමාත්‍ය තනතුරු පිළිබඳ මේ වන තෙක් අවසන් එකඟතාවකට එළඹීමට නොහැකිවීම මීට ආසන්නතම හේතු අතර වෙයි.

එසේම මාස එකහමාරකට අධික කාලයක් පැවති දේශපාලන අර්බුදය අවසන් වීමෙන් අනතුරුව පළමුවරට පාර්ලිමේන්තුව අද (18) රැස්වීමට නියමිතය. ඒ කථානායක කරූ ජයසූරිය ප්‍රධානත්වයෙනි.

එමෙන්ම එජනිස මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ගෙනගිය අශ්‍රීලාචාර ක්‍රියාකලාපය සහ පහර දීම් හේතුවෙන් වසා දැමුණු පාර්ලිමේන්තුවේ ගැලරිය අද දිනයේ මහජනතාව වෙනුවෙන් විවෘතව තැබීමට නියමිතය.

තවද පසුගිය නොවැම්බර් 23 වනදා පටන් පාර්ලිමේන්තුව වර්ජනය කළ කුමන්ත්‍රණ ආණ්ඩුව ලෙස පෙනී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන බව නිවේදනය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න