Image

මනූෂ ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඇමතිධුර නොදෙන බවට සිරිසේනගෙන් තර්ජන !

මනූෂ ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඇමතිධුර නොදෙන බවට සිරිසේනගෙන් තර්ජන !

දින 51 ක ප්‍රජාතන්ත්‍රවාදී අරගලය නිමාකරමින් පසුගියදා (16) එක්සත් ජාතික පෙරමුණු නායක, රනිල් වික්‍රමසිංහ මහතා යලිත් අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. එය සිරිසේන ජනාධිපතිවරයා සත්භාවයෙන් සිදුකල ක්‍රියාවක් නොවූ අතර ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා කෑ මොරදුන් ලක්ෂ සංඛ්‍යත ශ්‍රී ලාංකිකයන්ගේ කැපවීමමේ උච්චතම අවස්ථාවේ ප්‍රතිපලයක් මත සිදුවුවකි. අග්‍රාමාත්‍යවරයා පත්වී පැය 48 ක් අතරතුර කැබිනට් මණ්ඩලය ඇතුළු අමාත්‍යමණ්ඩලය දිවුරුම් දෙන බව නව රජයේ පාර්ශවයෙන් වාර්තාද ලැබිණි.

කරුණු එසේ වුවද, ඊයේ (17) දින ජනාධිපති සිරිසේන සිය ශ්‍රීලනිප 21 දෙනාගේ කණ්ඩායම කැඳවා ඔවුන්ට පාර්ලිමේන්තුව තුලදී විපක්ෂයේ ක්‍රියාකරන ලෙස ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් මෙහිදී දුමින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් රැසක්ම ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රශ්නකරමින් විමසා ඇත්තේ ඔවුන්ට එක්සත් ජාතික පෙරමුණු රජයට එක්වීමට අවශ්‍ය බවත් ඒ සඳහා අවසරය ලබාදෙන ලෙසයි. එහිදී ජනාධිපතිවරයා තවදුරටත් සිය මුරණ්ඩු පිළිවෙත පෙන්වමින් කියා ඇත්තේ ඕනෑම අයෙකුට එම රජය හා එක්විය හැකි නමුත්, එලෙස එක්වන කිසිදු ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකුට තමා අමාත්‍යධුර ලබානොදෙන බවයි. විශේෂයෙන්ම මිට පෙර එක්වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාගේ නමද එහිදී සඳහන් කරමින් කියා ඇත්තේ මනූෂ සමග එජාපය හා එක්වූ කිසිවෙකුටද ඉදිරියේදී තමන් අමාත්‍යධුර ලබාදීමට ක්‍රියා නොකරන බවයි.

පෙරලා කරුණු විමසු දුමින්ද දිසානායක මහතා ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස රාජපක්ෂ පාලනයෙන් එලියට පැමිණි අවස්ථාවේ සිට ඔහු සමඟ සිටි බවත්, ඔබ අපට නොදන්ව මහින්ද රාජපක්ෂ මහතා අගමැති කල බවත් ඔබගේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න සහගත බැවින් මෙම කරුණුවලදී ස්වාධීනව තීරණ ගැනීමට ඔවුන්ට අවස්ථාව දෙන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද සඳහන් වේ.

ජනාධිපතිවරයාට තව දුරටත් මෙසේ ක්‍රියාකිරීම තුලින් පෙනී යනුයේ තව දුරටත් රටේ අර්බුදයක් ඇතිකරනවා විනා ප්‍රශ්න විසදීමට උත්සහයක් නොදරන බවකි. කෙසේ උවත් 19 ව්‍යවස්ථා සංශෝධනය අනුව මෙන්ම ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු බලය වෙනත් පක්ෂයක පවතින අවස්ථාවේ (සහ හැසිරීම් තත්වයක්) සම්ප්‍රදාය තුලද අග්‍රාමාත්‍යවරයා නම්කරන අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කලයුතුය.

කෙසේ උවත් එක්සත් ජාතික පෙරමුණ සිය ස්ථාවරය දැනටමත් ජනාධිපතිවරයාට දන්වා ඇති අතර එහිදී තමන් නම් කරන මන්ත්‍රීවරුන්ට අදාළ අමාත්‍යංශ ලබානොදුන හොත් සහ ඇතැම් අමාත්‍යධුර ව්‍යවස්ථා විරෝධී අයුරින් ජනාධිපතිවරයා රඳවාගැනීමට උත්සහ කළහොත් ඔවුන් අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමුවන බවද සඳහන් කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න