ජනාධිපති සිරිසේන එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටිනවානම් පුරප්පාඩු වී පවතින විපක්ෂ නායක ධූරය සදහා ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ යෙකුට මිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ශවයකට නොදිය යුතු බව ශ්‍රීලනිප ස්ථාවරය වී තිබේ.
ඊයේ (17) ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී මේ ස්ථාවරයට පක්ෂය පැමිණ ඇති අතර ඒ අනුව යෝජනා වී ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා හෝ පක්ෂයේ වෙනත් ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකුට විපක්ෂ නායක ධුරය ලබාදීමටය.
ඒ අනුව අද (18) දිනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර විසින් පාර්ලිමේන්තුවේදී ඒ බව කතානායක සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම්දීමට නියමිත බවද වාර්තා වෙයි.
තවද විපක්ෂයේ ප්‍රධාන සංවිධයක ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ඇතුළු කිහිපදෙනෙකුගේ නම් යෝජනාවී ඇතත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම අද දිනට කල්තබා ඇති බවද වාර්තා වෙයි.
මේ සම්බන්ධව ලැබෙන දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා බොහෝ දුරට දිනේෂ් ගුණවර්ධන පත්කිරීමට ඉඩ ඇති බවය. ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන දේශපාලන සන්ධානය ආරක්ෂා කර ගැනීමට මෙම තීරණය ගෙන ඇති බවද දැනගන්නට ඇත.
කෙසේ වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවය මේ සම්බන්ධව සිය විරෝධය දක්වා ඇති බවද වාර්තා වෙයි. ඒ මේ වන විටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන විපක්ෂයේ බහුතර මන්ත්‍රී පිරිස විසින් විපක්ෂනායක ධුරය සඳහා මහින්ද රාජපක්ෂ පත්කළ යුතුය යන දැඩි ස්ථාවරයක සිටින නිසාය.
එහෙත් ජනාධිපති සිරිසේන පාර්ශවයේ අදහස වී ඇත්තේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ශ්‍රීලනිප පොහොට්ටු සන්ධානයක් හරහා සිරිසේන ජනාධිපතිට ලබාදීමේ එකඟතාව සේම දින 50 කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමේ සම්මුතිය තවම පවතින නිසා ජනාධිපතිගේ මේ තීරණයට පොහොට්ටු පාර්ශවය ද එකඟවනු ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
