මනෝ, රිෂාඩ් - මලික් : අමාත්‍යධුර ප්‍රතික්ෂේප කරයි !
එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමේදී කැබිනට් අමාත්‍යධුර 30ක් පමණක් තබා ගැනීමට ව්‍යවස්ථානුකුලව නියමව ඇති බැවින් අමාත්‍යධුර ලබානොගෙන සිටීමට ඉදිරිපත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.
වාර්තා වන ආකාරයට අද (18) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ අමාත්‍යධුර සම්බන්ධව මතුව ඇති සීමාවන් සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා සිදුකල කරුණු දැක්වීමෙන් පසුවය.
මේ සම්බන්ධව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සිය ට්වීටර් ගිනුමේද සටහනක් තබා ඇති අතර එහිදී සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ද තම ස්ථාවරයේ සිටිබව මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම ද අමාත්‍යධුරයක් ප්‍රතික්ෂේප කර ඇති බවය. කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන් සඳහන් කරන්නේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියළු පක්ෂ නායකයන් කැබිනට් අමාත්‍යධුර දැරිය යුතු බව පක්ෂ ස්ථාවරය වන බවය.