විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ඊයේ (18) පත්කරනු ලැබූ මහින්ද අමරවීර මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
වාර්තා වන ආකාරයට ශ්‍රීලනිප 23 කණ්ඩායමේ තීරණයක් මත අමරවීර මන්ත්‍රීවරයා මේ තීරණය ගෙන ඇත.
ඊට ආසන්නතම කරුණවී තිබෙන්නේ ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා කැඳවුම්කරු වන 'ශ්‍රීලනිප 23 මන්ත්‍රී කණ්ඩායම', ජනවාරි 08 වනදා ජනාධිපතිවරයා ජනතාවට ලබාදුන් පොරොන්දු යථාර්තයක් කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ සමග යලි සන්ධාන ගතව ඔක්තෝම්බර් 26ට පෙර පැවති යහපාලන ආණ්ඩුව යලි බලාත්මක කලයුතු බවට ස්ථාවරයක සිටීමය.
දයාසිරි - අමරවීර ගැටුම !
මේ සම්බන්ධව ඊයේ දින පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරකා සභාවේ අවධානය යොමුව ඇති අතර එහිදී මහින්ද අමරවීර මන්ත්‍රීවරයා සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ. පක්‍ෂය හැර ගිය සහ හැර යන අයට විනය ක්‍රියාමාර්ග ගන්නේ නම් අතීතයට ද එය බලපෑ යුතු බව ප්‍රකාශ කිරීමේදී මෙම මත ගැටුම සිදුව ඇත. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ෆයිසර් මුස්‌තාපා මන්ත්‍රීවරයා සමග ද බහින්බස්‌වීමක් සිදුව ඇත.
ශ්‍රීලනිප ජේෂ්ඨයින් කළකිරීමෙන් : සිරිසේනගේ පතුරු යවයි !
එසේම මහාචාර්ය ගාමිණී සමරනායක මහතා සහ ආචාර්ය සරත් අමුණුගම මහතා අතර ද මත ගැටුමක් ඇතිවී තිබෙන අදාළ මධ්‍යම කාරක සභා හමුව පැවැත්වූ පැය දෙකකට ආසන්න කාලයම ගැටුම් මිස වැදගත් තීරණ කිසිවක් ගැනීමට නොහැකිවූ බවද දැනගන්නට ඇත.
මේ අතර රාජපක්ෂලා පක්ෂය කැබලි කරන විට නිවට නියාළු ලෙස නිහඬව සිටි ජනාධිපති සිරිසේන ඒ අවස්ථාවේ ඔහුවත් පක්ෂයත් ආරක්ෂා කරදුන් මන්ත්‍රීවරුන් 23 ට යන එන මං නැති කරන බවට දැඩි විවේචනයක් පක්ෂ අභ්‍යන්තරයේ මතුව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
