Image

අමාත්‍ය මණ්ඩල පත්කිරීමට : සිරිසේනගෙන් දිගින් දිගටම බාධා !

අමාත්‍ය මණ්ඩල පත්කිරීමට : සිරිසේනගෙන් දිගින් දිගටම බාධා !

ව්‍යවස්ථාව උල්ලංඝනය කල බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හමුවේ පවා තහවුරුව ඇති සිරිසේන ජනාධිපති විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් සිටීම හමුවේ අමාත්‍ය මණ්ඩලය පිහිටුවීම තවදුරටත් කල්යන ලකුණු පෙන්නුම්කරන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම එක්සත් ජාතික පෙරමුණ කුමන ලැයිස්තුවක් නම්කර එවනු ලැබුවත් තමන් අමාත්‍යධුර ලබාදෙන්නේ තමන් කැමති පුද්ගලයන්ට පමණක් බවත් ඒ හැර තමන් අකමැති කිසිවෙකුට අමාත්‍යධුර නොදෙන බවට දැඩි ස්ථාවරයක ජනාධිපති සිරිසේන සිටින බවද වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග පෙන්වාදෙන ආකාරයට 19 වන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට ලැබීමට නියමිත අමාත්‍යංශ ඇතුළුව තවත් අමාත්‍යංශ කිහිපයක් තමා යටතේ තබා ගැනීමට සිරිසේන ජනාධිපති නින්දිත උත්සාහයක නිරතව සිටියි. ඒ අතර ජනමාධ්‍ය සහ නීතිය හා සාමය අමාත්‍යංශය විශේෂය.

එසේම මේ උත්සාහය සම්බන්ධව එක්සත් ජාතික පෙරමුණ පාර්ශවය විරෝධය දැක්වීම හමුවේ ශ්‍රී ලංකා පොලිසිය, ජාතික රූපවාහිනිය, ලේක්හවුස් ආයතනය, රූපවාහිනී අභ්‍යාස ආයතනය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක් අත්පත්කරගෙන ආයතන නොමැති හිස් අමාත්‍යංශ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට ලබාදීමේ උත්සාහයක ජනාධිපති සිරිසේන නිරතව සිටියි.

එමෙන්ම කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමේදී එක්සත් ජාතික පෙරමුණ වෙතින් පැමිණෙන මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර ලබාදුන් සිරිසේන ජනාධිපති,ඒ වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට දුරකථනයෙන් ඇමතුම් ලබාදුන් සිරිසේන ජනාධිපති, මේ වන විට ශ්‍රීලනිප සිට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට සහය දක්වන මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර නොදෙන බවට තර්ජනය කරමින් සිටියි.

මේ බව සිරිසේන ජනාධිපති ඊයේ (18) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරකසභා හමුවේද පවසා ඇත.

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න