Image

ගල් අඟුරු කොමිසම විමර්ශන අච්චාරුවක් වෙයි ද...?

ගල් අඟුරු කොමිසම විමර්ශන අච්චාරුවක් වෙයි ද...?

ආන්දෝලනයට තුඩු දී ඇති ගල් අඟුරු ව්‍යාපෘතියේ වගතුග සොයා අවශ්‍ය නිර්දේශ ලබාදීමට පූර්ණ බලැති ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කරන්නේ නම් එය වැදගත්

පියවරක් විය හැක්කේ එම කොමිසමේ පරීක්ෂණය විගනකාධිපතිවරයා ඉදිරිපත් කළ අලුත් ම වාර්තාවෙන් පෙන්වාදී තිබෙන විවාදයට තුඩු දී ඇති වර්තමාන ගල් අඟුරු මිළ දී ගැනීමේ සිද්ධියට පමණක් සීමා කිරීමෙන් මිස මීටත් වඩා දේවල් ඉස්සරත් වෙලා තියෙනවා යැයි පෙන්වීමට මේ සිද්ධිය පරණ ආණ්ඩුවල දූෂණවලින් වසා දැමීමට හැකිවන සේ කොමිසමේ මැන්ඩේය පුළුල් කොට වසර ගණන් ඇදෙන විමර්ශන අච්චාරුවක් දැමීමෙන් නොවේ.

ඇමතිවරයා ස්වේච්චාවෙන් ඉල්ලා අස් විය යුතුයි

kumara

මේ සඳහා පත්කරන පූර්ණ බලැති ජනාධිපති කොමිසම ශ්‍රේෂ්‍ඨාධිකරණ විනිසුරුවරයකු සභාපති ධුරය දරන මහජන ගෞරවය දිනූ තවත් අදීන වෘත්තිකයන් දෙදෙනෙකු ඇති එකක් විය යුතු අතර එහි මැන්ඩේටය විය යුත්තේ විගණකාධිපතිවරයා පෙන්වා දී ඇති පරිදි පාඩුව සිදුව ඇත්තේ කිසියම් දූෂණයක් නිසාද නැතහොත් අදාළ වගකිව යුත්තන්ගේ නොසැලකිල්ල හා අකාර්යක්ෂමතාව නිසා ද යන්න විමසා වගකිව යුත්තන් සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීමයි. කොමිසමේ කටයුතු අවසන්වන තෙක් බලශක්ති ඇමැතිවරයා ස්වේච්ඡාවෙන්ම සිය ධුරය අත්හැර ජනාධිපතිවරයා විසින් වැඩ බැලීමට කෙනෙකු පත්කිරීමට ඉඩ ලබා දිය යුතුය. කොමිසමේ විමර්ශන කාලය තුන් හාර මාසයකය සීමා කිරීම ද එක් කොන්දේසියක් විය යුතුය. තම සගයින් බොහෝ කැපවීම් කොට දිනාගත් මහජන විශ්වාසය රැක ගැනීම පිණිස කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දීම පිණිස එසේ ස්වේච්ඡාවෙන් ඉවත්වීම ඇමැතිවරයාට කළහැකි ගරුකටයුතු දෙයකි.

පරණ ගල් අඟුරු දූෂණ සොයා බැලීම කොහොමටත් මේ රජයට ලැබුණු ජනවරමට ඇතුළත් වන බැවින් ඒ කටයුතු මහජන විශ්වාසය නිරන්තරයෙන් පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය මේ සුවිශේෂී කටයුත්ත සමග පටලවා නො ගත යුතුය.

vijayanandaWijayananda Jayaweera

 

 

 

 

 

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න