Image

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයින් දෙන්නයි ?

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයින් දෙන්නයි ?

මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරුන් දෙදෙනෙක් කටයුතු කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පවසයි.

අද (19දා) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශක් කරමින් ඔහු සඳහන් කළේ තමන් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද විපක්ෂනායක ලෙස කටයුතු කරන බවයි.

එසේම කථානායකවරයා තමන්ව විපක්ෂනායක ධූරයෙන් ඉවත් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.

ඔක්තෝබර් 26 දියත්වූ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය අවස්ථාවේ ද මෙරට අගමැතිවරු දෙදෙනෙක් සිටි අතර ඒ පරාජය කළ මේ මොහොතේ විපක්ෂනායකවරුන් දෙදෙනෙක් පාර්ලිමේන්තුවේ සිටියි. ඉතා පැහැදිළිව මේ විකෘතිය බිහිකළේ සිරිසේන ජනාධිපතිය.

ඔහු මේ වන විටත් සිටින්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත්කළ තීන්දුවක් හමුවේය.

කෙසේවුවත් කතානායක කරූ ජයසුරිය සඳහන්කර ඇත්තේ එළඹෙන සිකුරාදා දිනය වන විට මෙම ප්‍රශ්නය විසඳන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න