Image

සිරිසේනට අං ආපු හැටි බිමල් කියයි !

සිරිසේනට අං ආපු හැටි බිමල් කියයි !

ලොකු තනතුරු ලැබුණාම සමහරුන්ට අං නොව අං තට්ටු එනවා. ජනාධිපතිතුමා දැන් හිතන්නේ එතුමා එංගලන්තයේ බකිංහැම් මාළිගාවේ කෙනෙක් විදිහට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එන මන්ත්‍රීවරුන්ට ඇමැති තනතුරු නොදෙන්නේ යැයි ජනාධිපතිවරයා පැවැසීම ඉතා නරක නපුරු තත්ත්වයකැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි සඳහන් සභාව කල්තබන යෝජනාව පිළිබඳ විවාදයේදී පාර්ලිමේන්තුවේදී අද (19) අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ශ්‍රී ලංකා නිදහසේ පක්ෂයෙන් ආණ්ඩුවට එන අයට ඇමැති තනතුරු නොදීම නපුරු තත්ත්වයක්. නමුත් ජනාධිපතිතුමා ළඟට එන අයට ඇමැතිකම් දෙනවා. එය හොඳ දේශපාලනයක් නෙවෙයි. ජනපති තනතුර පෞද්ගලික වාසියට නොව රට වෙනුවෙන් පාවිච්චි කළ යුතුයි."

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න