යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය ධූර දැරූ ඩී.එම්.ස්වාමිනාදන් සහ තිලක් මාරපන නව එක්සත් පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍ය ධූර බාර නොගැනීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පෙරමුණ ආරංචිමාර්ග පවසයි.
වාර්තා වන ආකාරයට නව රජයේ අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කළ යුතු හෙයින් කැපකිරීම් කිරීමට කැමති මන්ත්‍රීවරුන් සිටීනම් කියන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කළ ඉල්ලීමකට අනුව ඩී.එම් ස්වාමිනාදන් සහ තිලක් මාරපන මන්ත්‍රීවරුන් ඉහත තීරණය ගෙන ඇත.
එසේම එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ සංවර්ධන උපාය මාර්ග සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා වූ මලික් සමරවික්‍රම ද නව රජයේ තනතුරු බාර නොගෙන සීටීමට ඊයේ (18) තීරණය කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
