ඉන්ධන මිල සූත්‍රයට සමගාමීව නව බස් ගාස්තු සූත්‍රයක් හඳුන්වාදීමට ජාතික ගමනා ගමන කොමිසම හොඳ තීරණයක් ගෙන ඇති නමුත් එය ක්‍රියාත්මක වීමේදී කර ඇති අර්ධ සුඛෝපභෝගී බස් රථ තහනම මෙන් මුසාවක් වේද යන සැකය මතුවන බව සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමය සැකපහල කරයි.
ඒ බව සඳහන් කරමින් සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමය විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වේ.
ඉන්ධන සඳහා පවතින මිල සූත්‍රයට සමාන නව බස් ගාස්තු ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බවත් ලබන ජූලි මාසයේ සිදු කිරීමට නියමිත නව බස් ගාස්තු සංශෝධනයට පෙර මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්. ඒ. පී. ප්‍රේමචන්ද්‍ර විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
මෙම තීරණය පිළිබඳව මෙරට මගී ජනතාව නියෝජනය කරන අප සංගමයේ ප්‍රසාදය පළ කරන නමුත්, පසුගිය වසරේ (2018) දෙසැම්බර් 31 වැනිදායින් පසුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ජාතික ගමනාගමන කොමිසම ගත් තීරණය මෙන් තවත් මගී ජනතාව රැවටීමට කරන ලද ප්‍රකාශයක් ද යන සාධාරණ සැකය අප වෙත මතුව තිබේ.
විශේෂයෙන් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව තුල පවතින ගැටලු හේතුවෙන් මගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව තිබෙන අන්තර් පළාත් බස් සේවාවක් ලෙස ක්‍රියාත්මක වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට රජය විසින් වහාම කටයුතු කළ යුතු බව නැවත අප අවධාරණය කරන අතර මගී ජනතාවට ඉහල මට්ටමේ ප්‍රවාහන සේවයක් ලබාදීමට කටයුතු කරන ලෙසත් අප ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිමු.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
