Image

රටට ජනතාවට එරෙහි ඕන නායකයෙකුට විරුද්ධ වෙනවා - රාජිත

රටට ජනතාවට එරෙහි ඕන නායකයෙකුට විරුද්ධ වෙනවා - රාජිත

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 03 කට සභාපතිවරුන් පත් කිරිම සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිනි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස අචාර්ය එච්.එම්.එම් රූමි මහතා තම පත්වීම් ලිපිය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් ලබාගන්නා ලදි. ඔහු මීට පෙර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.

එම සංස්ථාවේ නව කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස මහරගම අපේක්ෂා රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි මහතා පත් කර ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස මහාචාර්ය අසිත ද සිල්වා මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් පත්වීම් ලබාගන්නා ලදි. ඔහු මීට පෙර ද එම අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලදි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපතිවරයා ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත් කෙරුනි. ඔහුද මීට පෙර එම අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස අචාර්ය කුමාර ද සිල්වා මහතා පත් කෙරුනි

පස්සේ දොරෙන් තනතුරු ගන්නේ නෑ !

මේ අතර නව වසරේ සිය ඡන්දදායකයින් හමුවීම සදහා කළුතරට පැමිණි සෞඛ්‍ය, අමාත්‍යවරයා කළුතර නගර ශාලා ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයට පසුගියදා එක්වෙමින් පවසා සිටියේ රට වෙනුවෙන් පක්ෂවලට ගැති නොවුනද තම ප්‍රතිපත්ති අඛණ්ඩව ආරක්ෂා කළ බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “දේශපාලනයට පැමිණීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා 15,000 ක් පමණ මම මේ වන විට ලබා දී තිබෙනවා. ජනතාව මට බලය ලබාදුන්නේ රටට සහ ජනතාවට සේවය කිරීමටයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර 24 ක් සේවය කරන මම අමාත්‍යධූර රැසක් හොඹවා තිබෙනවා. රට වෙනුවෙන් ඇතැම් අවස්ථාවල දී පක්ෂ පාවා දුන්නා. නමුත් පක්ෂ වලට ගැති වුනේ නැහැ. මගේ ප්‍රතිපත්ති මම අඛණ්ඩව ආරක්ෂා කළා. යුධ ජයග්‍රහණය සදහා හිටපු ජනාධිපතිවරයාටත් සහයෝගය ලබාදුන්නා. නමුත් පසුව ඔහුට විරුද්ධ වී නව රජයක් බිහි කළා. ඒ රට තුල යහපාලනය ස්ථාපිත කිරීමටයි. යහපාලන රජය ලබාගත් තීන්දු තීරණ හේතුවෙන් ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙනවා. ඒ පිළිබද ප්‍රචාරයක් තිබුනේ නැහැ. නමුත් එම ජයග්‍රහණ පිළිබදව රට දැනුවත්වීමට අවස්ථාව හිමි වුනේ ජනාධිපතිවරයාගේ තීරණයත් සමගයි. වර්තමානයේ මාධ්‍යය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලයම විවේචනය කරනවා. නමුත් මාධ්‍යයට කිසිදු හිරිහැරයක් නැහැ. මාධ්‍ය නිදහස අයිතිය අකුරටම ලබා දී තිබෙනවා. නමුත් මාධ්‍ය පෙන්වා දෙන්නේ රාජපක්ෂලා හොදයි කියලා. අපි දින 53 ක අනවරථ අරගලයක් සිදු කළා. මහරජාණෝ තවත් රජෙක් ඉදිරියේ දිවුරුම් දී යුව රජාවීමෙන් ලැඡ්ඡාවට පත් වුනා. නඩු වලින් බේරීම සදහා තමයි ඔහු යුවරජා වුනේ. සිරිසේන මහතාගේ කැබිනට් මණ්ඩලයටත් එකතු වුනා. මෙයයි ලැඡ්ඡා නැති දේශපාලනය. රටට, ප්‍රජාතන්ත්‍රවාදයට, ජනතාවට එරෙහිව මම වැඩ කරන්නේ නැහැ. ඊට ඉඩදෙන්නෙත් නැහැ. ඕනෑම නායකයෙකු ප්‍රතිපත්ති සහ ප්‍රජාතන්ත්‍රවාදය පාවා දෙන විට ඊට එරෙහිව මම වැඩ කරනවා.

මම පිටුපස දොරෙන් ගොස් තනතුරු බාර ගන්නේ නැහැ. ඉදිරිපසින් ගොස් තනතුරු බාර ගන්නේ. කිසිම කඳවුරකට යන්නෙත් නැහැ.”

“මාර්තු 05 දා අපි අයවැය ලේඛණය ඉදිරිපත් කරනවා. ජනතාවට සහන රැසක් ලබාදෙනවා. “ගම්පෙරලිය” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 300 බැගින් ලබාදෙනවා. 2020 පැවැත්වෙන මැතිවරණය ජයග්‍රහණය කරමින් 2025 දක්වා රජය ඉදිරියට ගෙන යනවා. අළුත් අවුරුදු සුබ පැතුම් එක් කිරිම සදහා කළුතර නගරයට කිසි දවසක මෙතරම් ජනතාවක් පැමිණ නැහැ. එමගින් අපට තේරෙනවා ජනතාව අප සමග සිටිනවා කියලා.”

උත්සවයට සහභාගිවුවන්ට මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා අඹ පැල ද පිරිනමන ලදි. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ඇතුලු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියේය.

 jpg

 . .

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න