ව්‍යවස්ථාව උල්ලංඝනය කල සිරිසේන : ජාතික පාරිසරික පනතත් උල්ලංඝනය කරලා !

ව්‍යවස්ථාව උල්ලංඝනය කල සිරිසේන : ජාතික පාරිසරික පනතත් උල්ලංඝනය කරලා !

මුතුරාජවෙල අභයභූමියේ ආරක්ෂිත ප්‍රදේශයට අයත් අක්කර සියයකට ආසන්න භූමි ප්‍රමාණයක් නිදහස් කරමින් ජනාධිපතිවරයා පසුගිය සැප්තැම්බර් 25දා ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර එය ජාතික පාරිසරික පනත බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවට පරිසර සංවිධාන චෝදනා කරයි.

ඔවුන් පෙන්වාදෙන ආකාරයට අංක 2090/11 දරන මේ ගැසට් නිවේදනය මගින් මුතුරාජවෙල ආරක්ෂිත ප්‍රදේශය සීමා කර ඇති නමුත් ජාතික පාරිසරික පනත අනුව මෙසේ වනජීවී රක්ෂිත ප්‍රදේශයක් සීමා කරන්නේ නම්, එය අනිවාර්‍යෙන්ම විෂය භාර ඇමතිවරයාගේ නිර්දේශ සහ වාර්තා මත සිදු විය යුතුය. එහෙත් එවකට වනජීවී විෂය භාර ඇමතිවරයා වූ සරත් ෆොන්සේකාගෙන් මේ පිළිබදව ජනාධිපතිවරයාගේ පාර්ශ්වය කිසිඳු විමසීමක් හෝ සිදුකර නොමැත.

ඒ අනුව පරිසර සංවිධාන චෝදනා කරන්නේ ජනාධිපති සිරිසේන විසින් තමන්ට පැවරී ඇති ව්‍යවස්ථාපිත බලය ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයට පෙරද උල්ලංඝනය කර ඇති බවය.

එසේම අදාළ ගැසට් නිවේදනය අතිශය රහසිගතව නිකුත් කිරීම බරපතළ ගැටළුවක් බවද පෙන්වා දෙන පරිසර සංවිධාන මීට පෙර අභය භූමියේ අක්කර 200ක් බලහත්කාරයෙන් අල්ලාගැනීම සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව මගින් නඩු පවරා ඇති ව්‍යාපාරිකයාට තවත් අක්කර 400ක් ලබාදීමට ජනාධිපතිවරයා එකග වී ඇතැයි ද චෝදනා කර සිටියි.

අදාල ව්‍යාපාරිකයා විසින් මුතුරාජවෙල අභය භූමියේ ගොල්ෆ් ක්‍රීඩාංගනයක් ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කියමින් මොරදුන් එක්සත් ජාතික පෙරමුණ විසින් ආණ්ඩුව ලබාගත් පසුව ජනාධිපති සිරිසේනගේ මේ ව්‍යවස්ථා විරෝධී හැසිරීම හමුවේ නිවට ලෙස සිටීම සම්බන්ධවද චෝදනා කරයි.

සිරිසේන ජනාධිපති නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න