ස්වර්ණමහල් සහ ඊටීඅයි ෆිනෑන්ස්, මහ බැංකුවේ නියාමනයට

ස්වර්ණමහල් සහ ඊටීඅයි ෆිනෑන්ස්, මහ බැංකුවේ නියාමනයට

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනවල පවතින අසතුටුදායක මූල්‍ය කාර්සාධන මට්ටම සලකා බලා එම ආයතනවල කළමනාකරණ කටයුතු සඳහා විශේෂ මණ්ඩලයක් පත්කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එමෙන්ම එම ආයතන දෙකෙහි තැන්පතුකරුවන්ගේ සහ අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම පිණිස කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමාකරමින් එම තැන්පතු මාස හයක කාලයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවත් මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

තැන්පතු සඳහා ගෙවිය යුතු පොලිය එකඟ වූ කොන්දේසිවලට අනුව සිදුකිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

 තැන්පතුකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් :

 ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් ආයතනය සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනවල තැන්පතුකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස එම ආයතන සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පවසන ශ්‍රී ලංකා මහ බැංකුව, එම ආයතනවල මෙහෙයුම් දැඩි ලෙස නිරීක්ෂණය කරමින් සිටින බව ද අවධාරණය කරයි.

එම ක්‍රියාමාර්ගවලට සිය සහයෝගය ලබා දෙන මෙන් මහ බැංකුව තැන්පතුකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

තොරතුරු දැනුම්දීමට අංක දෙකකක් :

අදාළ ආයතනවල මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාව සහ ශක්තිමත්භාවය තහවුරු කිරීමේ අරමුණින් ඉහත කී ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ කෙටිකාලීන පියවරක් වශයෙන් බව අවධාරණය කරන මහ බැංකුව ඒ සඳහා වැඩි විස්තර අවශ්‍ය නම් 0112-477258 හෝ 0112-477229 දුරකථන අංක අමතන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

(බීබීසී සිංහල සේවය)

සබැඳි පුවත් :
ETI අර්බුදය අතිශයින් බරපතලයි : දේශපාලකයෙක් වැඩට බැහැලා !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න