පොහොට්ටුවේ අර්බුදය උග්‍ර වෙයි - තවත් පිරිසක් ළඟදීම ඉවතට

පොහොට්ටුවේ අර්බුදය උග්‍ර වෙයි - තවත් පිරිසක් ළඟදීම ඉවතට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතියට සහය දැක්වූ ප්‍රබලයෙකු ඇතුළු ආධාර කරුවන් පිරිසක් ඉතා නුදුරේදීම එයින් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ ජනහමුවක් 03 වනදා මෙරට ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධානය කර තිබුණත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මේ වන විට එයින් ඉවත්වීමට සිටින තවත් පිරිසක් කළ ඉල්ලීමක් අනුව එය කල්දමා ඇතැයි newstube.lk වෙත දැනුම්දී ඇත.

වාර්තා වන ආකාරයට මෙම ප්‍රබලයා ඒකාබද්ධ විපක්ෂයෙන් මෙන්ම එහි දේශපාලන පක්ෂය ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ බලය ලැබීමටත් පෙර එම පක්ෂය තුළ ඒකාධිපතිවාදයක් ගොඩනැගී අත්තනෝමතික අයුරින් කටයුතු කිරීමට එරෙහිවය.

එසේම මේ වන විට බැසිල් රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ සියළුම දේශපාලන පක්ෂ දුර්වල කර අසරණ කර ඇති බවත්, පළාත් පාලන මැතිවරණයේදී සිය සහෝදර පක්ෂ නොතකා හැර කටයුතු කිරීම, කාන්තා අපේක්ෂිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම සහ ඊට වගකිවයුතු පාර්ශව ආරක්ෂාකිරීම ආදී කාරණා රැසක් හේතුවෙන් තමන්ට තව දුරටත් රෙදි සහිතව එම පෙරමුණේ සිටිය නොහැකි බවද අද ඉවත්වන කණ්ඩායම පෙන්වා දී ඇත.

එසේම මේ වන විට දිනේෂ් වාසු තිස්ස වැනි නායකයන් නමට පමණක් වේදිකාවට කැඳවන බවත් පොදුජන පෙරමුණේ තීන්දු තීරණ ගන්නා කිසිඳු කවයක ඔවුන්ට කිසිඳු ඉඩක් නොමැති බවද ඔවුන් සඳහන් කර සිටියි.

එසේම පක්ෂයක් ලෙස ගොඩනැගෙන අවධියේම ඒකාධිපති වියරුවේ සෙවණැලි මතුවීම සමස්ථ ව්‍යාපාරයට පමණක් නොව රටටද අහිතකර බවත් එහෙයින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ඒකාධිපති වියරුව පරාජය කිරීම වෙනුවෙන් තමන් මෙම තීරණය ගන්නා බවද ඔවුන් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න