ETI ෆිනෑන්ස් ලිමිටඩ් හා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනය සම්බන්ධව විශේෂ ක්‍රියාමාර්ග තුනක් කඩිනමින් ගන්නට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීන්දු කර ඇත.
මහ බැංකුව විසින් එම තීන්දු පිළිබඳ නිවේදනයක් 02 වනදා ප්‍රසිද්ධ කර ඇති අතර ETI ෆිනෑන්ස් ලිමිටඩ් හා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනයේ අසතුටුදායක මුල්‍ය කාර්යසාධන මට්ටම ගැන දීර්ඝ වශයෙන් සලකා බැලීමෙන් පසුව එදාළ ආයතනවල තැම්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම තීන්දු ගනුලැබූ බව එහි සඳහන්ව ඇත.
ඊට අනුව,
1. අදාළ ආයතන දෙකෙහි කළමනාකරණ කටයුතු කරගෙන යාම සඳහා මණ්ඩලයක් පත්කිරීම
2. කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමා කරමින් එම තැන්පතු මාස 6ක කාලයක් දක්වා දීර්ඝ කිරීම
3. තැන්පතු සඳහා ගෙවිය යුතු පොළිය එකඟවූ කොන්දේසි වලට අනුව සිදුකිරීම යන තීන්දු මුදල් මණ්ඩලය විසින් ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
