මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් හරහා ප්‍රකාශයට පත්කළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් වන මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට යොමුකිරීම සඳහා වන අවස්ථාව මැතිවරණ ප්‍රචාරක වාසියක් බවට පත්කර ගැනීමට අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු කර ඇති බවට කැෆේ සංවිධානය චෝදනා කරයි.
ඒ බව සඳහන් කරමින් මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර ඇති අතර එහිදී අවධාරණය කර දක්වා ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය “මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කළ මාධ්‍ය උපමාන මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ව්‍යවස්ථාමය අවශ්‍යතාවක්” වන නමුත් එය “මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අත්සන් තැබීම” යැයි දක්වා එය මාධ්‍ය අවස්ථාවක් බවට පත්කර ඇති බවය.
එසේම එය “එළඹෙන මැතිවරණයේදී සියළු දෙනා ආණ්ඩුවට සහය ලබාදීම සඳහා ආයාචනා කිරීම සඳහා අවස්ථාවක් කර ගැනීම” කොමිෂන් සභාව සිදුකළ පරිපාලන හා බලයලත් කාර්යයක් මඟින් අනියම් ආකාරයෙන් දේශපාලන වාසියක් ලබාගැනීමක් බවද එහි පෙන්වා දී ඇත.
තවද පළාත් පාලන ජන්ද විමසීම සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ නායකයෙකු අග්‍රාමාත්‍යවරයෙකු ලෙස ඉහත කටයුත්ත සිදුකිරීම හරහා “මාධ්‍ය උපමාන නිකුත් කිරීම අග්‍රාමාත්‍යවරයා හෝ ඔහුගේ ආණ්ඩුව විසින් සිදුකල කාර්යයක් බවට සෘජුව හා වක්‍රව සමාජගත කිරීමේ උත්සාහයක් බවද එහි දක්වා ඇත.
කැෆේ සංවිධානය විසින් මැතිවරණ කොමිසම වෙත සිදුකල පැමිණිල්ල මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයද පහත දැක්වේ.

