රාජපක්ෂ සමයේ බරපතල වංචා ගැන වාර්තාව ජනාධිපති අතට

රාජපක්ෂ සමයේ බරපතල වංචා ගැන වාර්තාව ජනාධිපති අතට

බරපතල අන්දමේ දුෂණ සහ වංචා මෙන්ම දේශපාලන බල අධිකාරිය සහිතව රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව 02 වනදා ජනාධිපතිවරයා වෙත බාරදී ඇත.

කොමිසමේ සභාපති පී.පද්මන් සුරසේන විසින් එය ජනාධිපතිවරයා වෙත බාරදී ඇති අතර එම අවස්ථාව සඳහා එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මෙන්ම සෙසු සාමාජිකයන් වූ ගිහාන් කුලතුංග, පී.ඒ. ප්‍රේමතිලක, ආර්.රණසිංහ, විකුම් කළුආරච්චි යන අයද ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ද සහභාගීව තිබේ.

වාර්තා වන ආකාරයට පිටු 1135 කින් සමන්විත එම වාර්තාවේ රාජපක්ෂ පාලන සමයේ 2010 ජනවාරි මාසයේ 01 වනදා සිට 2015 ජනවාරි 01 වනදා දක්වා වූ බරපතල අන්දමේ දුෂණ සහ වංචා මෙන්ම දේශපාලන බල අධිකාරිය සහිතව රාජ්‍ය දේපළ අවභාවිත කිරීම් වලට අදාළ සිදුවීම් දක්වා ඇත.

මෙම කොමිසම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරනු ලැබුවේ 2015 මාර්තු 15 වනදාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න