රාජපක්ෂලාගේ කෙරුවාව හෙට කරලියට ! (අනුරගේ වීඩියෝවක්)

රාජපක්ෂලාගේ කෙරුවාව හෙට කරලියට ! (අනුරගේ වීඩියෝවක්)

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන සමය තුළ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් 17කට අදාළ වාර්තා 17ක් බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම විසින් හෙට (02) දින පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට නියමිත බව 'ලංකාදීප' පුවත්පත වාර්තා කර තිබේ.

බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම විසින් දීර්ග සාක්කි විභාග කිරීම් වලින් අනතුරුව සකස් කොට ඇති මෙම බරපතල වංචා සහ දුෂණ පරීක්‍ෂණ වාර්තා 17ට අමතරව මෙවැනි බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් යළි ඇති නොවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුලත් නිර්දේශයන්ද කොමිසම ජනාධිපතිවරයාට බාරදීමට නියමිත බව එම වාර්තාවේ සඳහන් වේ.

බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් යළි ඇති නොවීම ස`දහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුලත් නිර්දේශයන් සහ යෝජනා අඩංගු වාර්තාව පිටු 1200කින් යුත් බව ද එහි සඳහන් වේ.

පැමිණිලි 2000 කට අධික සංඛ්‍යාවක්:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රාජ්‍ය පාලන සමය වු 2010 ජනවාරී මස පළමුවැනිදාත් 2015 ජනවාරී මස පළමුවැනිදාත් අතර කාලය තුළ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් මෙන්ම රාජ්‍ය බලය අවභාවිතා කිරීම මඟින් රාජ්‍ය ආයතන වලට සිදුකළ පාඩු ආදීය සෙවීම සඳහා 2015 මාර්තු මස 15 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කරන ලදී.

අභියාචනාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම විනිසුරුවරුන් පස් දෙනෙකු ගෙන් සමන්විතවිය.

කොමිසම පිහිටුවීමෙන් අනතුරුව ඊට, පැමිණිලි 2000 කට අධික සංඛ්‍යාවක් ලැබුණු අතර ඉන් 400ක් විමර්ශනය සඳහා තෝරාගනු ලැබිණි.

ඇවන්ගාඩ් ගනුදෙනුව, හම්බන්තොට වරාය වීවෘත කිරීමේ උත්සවයේදී සිදුවූ බව කියන වංචාව මෙන්ම,
ශ්‍රී ලංකා එයාර් ලයින් ආයතනයේ අක්‍රමිකතා හා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ දිස්ත්‍රික් මට්ටමින් සිදුකළ ජල ව්‍යාපෘතීවලදී ඇතිවූ අක්‍රමිකතා පිළබඳව එම කොමිසම විසින් විභාග කරනු ලැබිය.

'වාර්තාව යට ගහලා' - ජවිපෙ කියන කතාව

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ මෙම කොමිසම පැමිණිලි 17 ක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර එහි වාර්තා මේවනවිටත් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙන බවයි.

පසුගිය නොවැම්බර් මස 17 දා අයවැය විවාදයට සහභාගිවෙමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා එබව සඳහන් කළේය.

image 05bb660006

වීඩියෝව

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න