දොලොස් වසරකට ඉහතදී රජයේ ආරක්ෂක අංශ විසින් සමූහ ඝාතනය කරන ලද බවට චෝදනා කෙරෙන ත්‍රිකුණාමලයේ පාසල් සිසුන් පස්දෙනා ත්‍රිකුණාමල මුහුදු තීරයේදී පුෂ්පදීප දල්වා අනුස්මරණය සිදු කර තිබේ.
මනෝහරන් රජිකර්, හේමචන්ද්‍රන් යෝගරාජා, ලෝහිතරාජා රෝහන්, තංගතුරෙයි සිවානන්දා සහ ෂන්මුගරාජා ගජේන්ද්‍රන් යන විසිවැනි වියේ පසුවූ පාසල් සිසුන් පස්දෙනා ත්‍රිකුණාමල මුහුදු තීරයේදී වෙඩිතබා ඝාතනය කර තිබුනේ 2006 වසරේ ජනවාරි 02 දිනයි.
එම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට චෝදනා නැගෙන අතර ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පොලිස් විශේෂකාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුලු පොලිස් නිලධාරීන් 12 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2013.06.05 දින අත්අඩංගුවට ගනු ලැබුවත් හාර මාසයක් ඇතුලත සියලු දෙනා ඇප මත නිදහස් කර යවන ලදි.
ceylonjournals.com
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
