බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව ඇතුළු වාර්තා 34ක් සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා වෙතින් තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලීමට අද (02) තම පක්ෂය කටයුතු කල බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් දුෂණ සහ අක්‍රමිකතා පිළිබඳ වාර්තා 17ක් ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති බවත් එසේම අද (02) වනදා බාරදීමට නියමිත වාර්තා 17 ද ඇතුළත්ව වාර්තා 34 සමන්විත වන බවත් ඒවා ජනාධිපතිවරයාට ලබාදීමෙන් පසුව සිදුවන්නේ කුමක්ද යන්න දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
ජනතාවගේ ජන්දයෙන් බලයට පත්වූ ජනාධිපතිවරයෙක් සහ ඔහුව නඩත්තු කරන්නේ ජනතාවගේ බදු මුදල් වලින් වීමත් අදාළ දුෂණ සෙවීමට පත්කරන ආයතන සඳහාද වියදම් වන්නේ ජනතා බදු මුදල් බැවින් අවම වශයෙන් අදාළ වාර්තා වල තිබෙන්නේ කුමක්ද යන්න ගැනවත් ජනතාව දැනගත යුතු බැවින් තම පක්ෂය මෙම ඉල්ලීම සිදුකල බවද මන්ත්‍රීවරයා පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළකර සිටියේ අද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ අදාළ වාර්තා 34 සම්බන්ධව තොරතුරු ඉල්ලා අයදුම්පත ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ කිසියම් ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් ඇතිවූ විට ජනාධිපති කොමිසමක් පත්කර එහි වාර්තාව ජනාධිපතිවරයා තබාගෙන ප්‍රශ්නය යට ගැසීමට කටයුතු කරන බවය. එහෙයින් මේ වන විට නිකුත්වී ඇති බැඳුම්කර වාර්තාව ගනා දැනුවත්වීම වැදගත් බවත් රටට කෝටි ගණනාවක පාඩුවක් කළ, අග්‍රාමාත්‍යවරයාගෙන් පවා කරුණු විමසන්නට සිදුවූ වාර්තාවක් යට ගැසීමට ඉඩදිය නොහැකි බවය.

