Language Switcher

V2025

කී‍්‍රඩා පුහුණුකරුවන් 3850 ක් බඳවා ගැනීමෙන් : ගුරු ව්‍යවස්ථාව අර්බුදයට !

කී‍්‍රඩා පුහුණුකරුවන් 3850 ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදීමෙන් ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය මේ බව සඳහන් කරන අතර අදාළ නිවේදනය පහත දැක්වේ.

2019.01.07 දින පැවති කැබිනට් රැුස්වීමේදී කී‍්‍රඩා පුහුණුකරුවන් 3850 ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබුණි. ‘රජයේ පාසල් සඳහා කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගැනීම -2017’ මැයෙන් 2017.05.22 දිනැතිව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අයඳුම්පත් කැඳවන ලදී. ඒ අනුව අදාළ තෝරා ගැනීම් සිදු කළ ද ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පැන නැඟුණේ මෙවැනි තනතුරක් රජයේ පාසල් පද්ධතිය තුළ නොමැති වීමත්, මෙම පත්වීම් මගින් ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය වීමත්, සුදුසුකම් රහිත පිරිසක් පාසල් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධවීමත් සිදු වන බැවිනි.

මෙසේ සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාසල්වලට කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගැනීමට අවශ්‍ය තෝරා ගැනීම් සිදු කළ ද පළාත් සභා පාසල්වලට බඳවා ගැනීමට යොමු කළ මෙම කී‍්‍රඩා පුහුණු පත්වීම්ධාරීන් පළාත් සභාවලට බඳවා ගැනීම ඒ ඒ පළාත් සභා විසින් ප‍්‍රතික්ෂේප කිරීම මත මෙම බඳවා ගැනීම් නතර වී තිබුණි. එසේ තිබියදී නැවතත් 2019.01.07 දින පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේ දී මෙම කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබීම බරපතල ගැටලූවකි.

පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියට අදාළ ගුරුවරු බඳවා ගැනීම සිදු කළ යුත්තේ 2014.10.23 දිනැති 1885/38 දරණ ගැසට් නිවේදනයෙන් ප‍්‍රකාශිත ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුවය. එම ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සඳහා මෙලෙස කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගැනීමට හැකියාවක් නොමැත. පාසල්වල කී‍්‍රඩා කටයුතු සම්බන්ධයෙන් බඳවා ගත යුත්තේ කී‍්‍රඩා හා ශාරීරික අධ්‍යාපන විෂය ඉගැන්වීම් කරන ගුරුවරුය. ඒ සඳහා බණ්ඩාරවෙල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සම්පූර්ණයෙන් කී‍්‍රඩා හා ශාරීරික අධ්‍යාපන ගුරුවරු පුහුණු කිරීම සිදු කරයි. එසේම රුවන්පුර අධ්‍යාපන විද්‍යාපීඨයේ හා නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ ද කී‍්‍රඩා හා ශාරීරික අධ්‍යාපන ගුරුවරු පුහුණු කිරීම සිදු කරන අතර, දෙමළ මාධ්‍ය කී‍්‍රඩා හා ශාරීරික අධ්‍යාපන ගුරුවරු පුහණු කිරීම වව්නියාව හා මඩකලපුව අධ්‍යාපන විද්‍යාපීඨවල සිදු කරනු ලබයි. එසේම සබරගමුව විශ්ව විiාලයේ ද කී‍්‍රඩා උපාධි පාඨමාලාවක් ද පවතී. පාසල්වලට අවශ්‍ය කී‍්‍රඩා ගුරුවරු මෙම ආයතන මගින් පුහුණු කර ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව බඳවාගෙන පාසල්වලට ස්ථාන ගත කිරීම සිදු කළ යුතුය.

එසේ තිබියදී පාසල් පද්ධතියේ අධ්‍යාපන කටයුතුවල නිරත වීමට සුදුසුකම් නැති කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් පැහැදිලි වන්නේ හුදු දේශපාලන උවමනා මත රැුකියා ලාබදීම අරමුණු කරගෙන පාසල් පද්ධතිය තුළට පත්කිරීම් සිදු කිරීමට කටයුතු කරන බවකි.

මෙම බඳවා ගැනීම් සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර සිටින ලංකා ගුරු සංගමය වහාම මෙම කැබිනට් තීරණය අහෝසි කොට පාසල්වලට කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගැනීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙසත්, පාසල් පද්ධතියට අවශ්‍ය කී‍්‍රඩා හා ශාරීරික අධ්‍යාපන ගුරුවරු විධිමත්ව බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.