රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙයි : ජනවාරියේ සිට ක්‍රියාත්මකයි !

රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙයි : ජනවාරියේ සිට ක්‍රියාත්මකයි !

රජයේ සේවකයින්ගේ මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500ත් 10,000ත් අතර මුදලකින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500කින් ඉහළ යන අතර ඉහළම නිලධාරියාගේ වැටුප රුපියල් 10,000න් වැඩි වීමට නියමිතව ඇත.

රජය 2015 වසරේදී රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක දීමනාවක් ලබා දුන් අතර එම දීමනාව 2016 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ මූලික වැටුපට ගැලපීමටද තීරණය කළේය.

ඒ අනුව එහි පියවරක් ලෙස රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2019 වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 2500 - 10,000ක් අතර ප්‍රමාණයකින් වැඩිවීමට නියමිතව තිබිණ.

රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ඉහළ නැංවීමේ අවසන් පියවර 2020 වසරේ ජනවාරි මාසයේ සිදු කෙරෙන අතර එම වසරේදී ද ඔවුන්ගේ මූලික වැටුප රුපියල් තවත් 2500 - 10,000 අතර ප්‍රමාණයක් වැඩි කෙරෙන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

යහපාලන පොරොන්දුව !

2006 වසරට පසුව රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදුව නොතිබූ අතර පසුව වැටුප් වැඩිකිරීමක් සිදුවුයේ 2015 වසරේය. ඒ යහපාලන ආණ්ඩුව පිහිටුවීමත් සමඟය. ඒ අනුව වසර 05ක් තුල සිදුවූ වැඩිම වැටුප් වැඩිවීම ලෙසද මෙය ඉතිහාසයට එක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න