දයාන් ජයතිලකගේ නොහොඹිනා වැඩවලට : ජවිපෙන් බරපතළ විරෝධයක් !

දයාන් ජයතිලකගේ නොහොඹිනා වැඩවලට : ජවිපෙන් බරපතළ විරෝධයක් !

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන දයාන් ජයතිලක දේශපාලන ප්‍රචාරකයකු ලෙස කටයුතු කිරීම නිසා ඔහු අතින් පාර්ලිමේන්තු වරප්‍රසාද මෙන්ම තානාපති සේවයට අදාළ ගිවිසුමද කඩවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී බිමල් රත්නායක චෝදනා කරයි.

ඊයේ (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර දයාන් ජයතිලක මහතා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයට පක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ටත් වඩා අදහස් දැක්වූ බවද සඳහන් කළේය.

ඔහුට තානාපති තනතුර සමඟ දේශපාලනය කළ නොහැකි බව කී මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් පිළිබඳ කාරක සභාවේදී ද සාකච්ඡා කෙරුණු බව කීවේය.

ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් තමා ඉල්ලා සිටින බවද බිමල් රත්නායක මන්ත්‍රීවරයා කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න