කතානායක අසුනේ වාඩිවීම ගැන අරුන්දික සමාව ඉල්ලයි !

කතානායක අසුනේ වාඩිවීම ගැන අරුන්දික සමාව ඉල්ලයි !

පාර්ලිමේන්තුවේදී ගැටුම්කාරී තත්ත්වයක් පැවති ඉකුත් නොවැම්බර් 16 වැනිදා තමන් කතානායක අසුනේ වාඩිගෙන සිටීම වරදක් නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු පවසා ඇත.

ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර තමන් එය හිතා මතා නොකළ බව කී අරුන්දික ප‍්‍රනාන්දු මහතා තමන් කතානායක අසුනේ වාඩි ගන්නා විට පාර්ලිමේන්තුවේ කටයුතු ඇරඹී හෝ සෙංකෝලය තැන්පත් කර නොතිබූ බව ද සඳහන් කර ඇත.

කෙසේ වෙතත් එය වරදක් නම් කණගාටු වන බව ද මන්ත‍්‍රීවරයා කීවේය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති තානාපති වරප‍්‍රසාද යටතේ නියෝග දෙවැනිවර කියවීම පිළිබඳ විවාදයේදී එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මුජිබර් රහුමාන් කළ ප‍්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල සතුන් වත්තක මෙන් තත්ත්වයක් පැවති බව කී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා තානාපතිවරුන් එහිදී අත්පුඩි ගැසුවේ නම් ඒ පාර්ලිමේන්තුවක තිබිය යුතු හැසිරීම එම දිනවල නොතිබූ නිසා විය හැකි බව කීවේය.

කතානායක අසුනේ එදින නුසුදුස්සෙකු අසුන් ගෙන සිටි බවද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න