ශාන්ත බණ්ඩාර පත්කළාට පොහොට්ටුවේ විරෝධය !

ශාන්ත බණ්ඩාර පත්කළාට පොහොට්ටුවේ විරෝධය !

ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පරාජිත අපේක්ෂකයකු වූ ශාන්ත බණ්ඩාර පත්කිරීම සම්බන්ධව පොහොට්ටු පාර්ශවයේ බරපතල විරෝධයක් මතුව ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයා ගනුලැබූ මෙම තීරණය පොහොට්ටු පාර්ශවය සමඟ සාකච්ඡා නොකිරීමත් නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුව නියෝජනය කළ පිරිස් නොතකා හැර මෙම පත්කිරීමට ජනාධිපති සිරිසේන ක්‍රියා කිරීමත් පොහොට්ටු පාර්ශවයේ විරෝධයට හේතුවී ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වන පොදුජන පෙරමුණ පාර්ශවයේ ස්ථාවරය වී ඇත්තේ අදාළ තීරණය ගැනීමේදී සිරිසේන ජනාධිපති විසින් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අනුමැතිය ලබානොගැනීමය. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා යෝජිත සන්ධානයේ මූලික එකඟතා මේ වන විටත් උල්ලංඝනය කරමින් අත්තනෝමතික ආකාරයට කටයුතු කරමින් සිටින බවය.

ශාන්ත බණ්ඩාර යනු පසුගිය මහ මැතිවරණයේ මනාප 40000ක් පමණ ලබාගෙන අන්ත පරාජයට පත්වූ අයෙකු බවත් ඒ වෙනුවට ක්‍රියාකාරී දේශපාලනඥයකු මේ සඳහා පත්කර ගැනීම ගැටළුවක් වී නම් වෙනත් බුද්ධිමය දායකත්වය ලබාදෙන සන්ධාන ජාතික ලැයිස්තුව නියෝජනය කල චරිත හේරත් වැන්නකුට හෝ එම ධුරය ලබාදීමට තිබු බවද පොහොට්ටු පාර්ශවයේ අදහස වී තිබේ.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න