Language Switcher

V2025

මුදල් රාජ්‍ය ලේකම් ලෙස සුජාන් වැඩ අරඹයි !

නව මුදල් රාජ්‍ය ලේකම්වරයා ලෙස සුජාන් නානායක්කාර පසුගිය 07 වනදා වැඩ භාරගෙන තිබේ.

සුජාන් නානායක්කාර මහතා මීට පෙර ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය. මීට අමතරව විදේශ රැකියා ප්‍රවර්ධන, ජනමාධ්‍ය සහ පළාත් පාලන යන අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරයා ලෙස ද නානායක්කර මහතා රාජකාරි කටයුතු කර ඇත. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සහ තවත් ව්‍යාවස්ථාපිත ආයතන කිහිපයක අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති නානායක්කාර මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සහ AusAID වැඩසටහනේ මෙරට ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් ලෙස ද සේවය කර ඇත.

වැඩ භාර ගැනීමේ අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. සේමසිංහ යන මහත්වරු සහභාගී වුහ