පෑලියගොඩ පොලිසිය රාජකාරිය පැහැර හැරලා : මාධ්‍යවේදියාගේ ජීවිත තර්ජනය "ආතල්" වෙලා !

පෑලියගොඩ පොලිසිය රාජකාරිය පැහැර හැරලා : මාධ්‍යවේදියාගේ ජීවිත තර්ජනය "ආතල්" වෙලා !

සිළුමිණ වෙබ් කර්තෘ ප්‍රබුද්ධි රණසිංහට කැලණිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී අසුන්ත පාරින්ද විසින් සිදුකළැයි කියන මරණ තර්ජනයට අදාළ පැමිණිල්ල පෑලියගොඩ පොලිසියේ දී අද (09) දින විභාගයට ගැනීමට නියමිතව තිබිණි.

ඒ ඊයේ (08) දිනට යෙදී තිබූ සිදුවීමට අදාළ පැමිණිලි විභාගය සඳහා සැකකාර මන්ත්‍රීවරයා නොපැමිණි නිසාවෙනි.

නමුත් අද (09) පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ පෑලියගොඩ පොලිසිය අදාළ විමර්ශනය නිසි පරිදි සිදුකරනු වෙනුවට "බුකියේ ආතල්" දුරදිග නොයවා සාමදාන වන ලෙසය. ප්‍රබුද්ධි රණසිංහ මාධ්‍යවේදියා සඳහන් කරන ආකාරයට පෑලියගොඩ පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා සිදුවූ මරණ තර්ජනය සම්බන්ධව විමර්ශනය සිදුකල ආකාරය කොහෙත්ම තෘප්තිමත් විය නොහැක. අප කල විමසීමකදී ද ඔහු එය තහවුරු කර සිටියේය.

අවම වශයෙන් මේ සිදුවීම සම්බන්ධව සිදුකල පැමිණිල්ලේ පිටපතක් ලබාදීම පවා පොලිසිය ප්‍රතික්ෂේප කල බව ඔහු පැවසීය. එසේම මේ සම්බන්ධව ඉදිරියට නීති ක්‍රියාමාර්ග ගැනීමට තමන් අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

ඉකුත් 01 වැනි දින කැලණිය හිඹුටුවැල්ගොඩ සිරිල් මැතිව් ක්‍රීඩාංගනයේ දී සිදු කළ දිළිඳු පවුල්වල දරුවන් සඳහා පොත් බෙදා දීමේ උළෙළ සම්බන්ධයෙන් මාධ්‍යවේදී ප්‍රබුද්ධි රණසිංහ සිය මුහුණු පොතේ කළ හෙළිදරව්වක් සම්බන්ධව උරණවී සැකකාර මන්ත්‍රීවරයා විසින් ප්‍රබුද්ධි රණසිංහගේ බිරිද සතු වෙළෙඳ සලකට කඩා වැදී අසැබිවචනයෙන් බැන වැදී ඔහු මරා දමන බවට තර්ජනය කර තිබුණි.

දැන් ප්‍රශ්නය ඇත්තේ විමර්ශන කටයුත්ත නිසිලෙස සිදුනොකළ පොලිසියේය. තවමත් මේ රට මැදමුලන වලව්වේ නින්දගමක් සේ සිතා කටයුතු කරන තුට්ටු දෙකේ දේශපාලන මැරයන් සමඟ කරන්නට ගනුදෙනුවක් අපට නැත. ඔවුන්ට කරන්න අවධාරනයක්ද අපට නැත. නමුත් ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිගේ සිට පොලිස්පති දක්වාත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරගැනීමේ අරගලය තුළ ස්තාපිතවූ ස්වාධීන පොලිස් කොමිසම දක්වාත් මේ අවනඩුව ඉදිරියට ගැනීමට සහ ඒ සඳහා බලපෑම් කිරීමේ අයිතිය අප සතුය. එය ඉදිරියට සිදුවනු ඇති අතර එතෙක් මාධ්‍යවේදියා හෝ ඔහුගේ කිසිවෙකුට හානියක් සිදුවුවහොත් එහි වගකීමද පෑලියගොඩ පොලිසිය භාරගත යුතුව ඇත.

49946724 2190435534354652 2099792417044561920 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න