දැව සංස්ථාවේ සභාපති නිලූකා : සිරිසේනගේ නිර්දේශ සිරිසේනම කඩලා !

දැව සංස්ථාවේ සභාපති නිලූකා : සිරිසේනගේ නිර්දේශ සිරිසේනම කඩලා !

සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාරවරිය වන නිලුකා ඒකනායක මහත්මිය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය වශයෙන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ.

ඔවුන් දෙදෙනාට පත්වීම් ලිපි පිරිනැමීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් ඊයේ (09) සිදුවිය.

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවරයාව සිටි රෙජිනෝල්ඩ් කුරේ මහතාත් , සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාරවරියව සිටි නිලුකා ඒකනායක මහත්මියත් ජනාධිපතිවරයා කළ දැනුම් දීමට අනුව ඉකුත්දා ආණ්ඩුකාරධූරවලින් ඉල්ලා අස්විය.

කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීමේදී ජනාධිපති සිරිසේන නිකුත් කල නිර්දේශ මාලාව නිලුකා මහත්මියගේ පත්කිරීමට අදාළව සලකා බලා නොමැති බවක් පෙනෙන්නට ඇති බවය.

ඒ අනුව අදාළ නිර්ණායක වලංගු වන්නේ එක්සත් ජාතික පෙරමුණ අමාත්‍යවරුන් පත්කරනු ලබන රාජ්‍ය ආයතන පත්වීම් සඳහා පමණක්ද යන ප්‍රශ්නය විමසිය යුතු බවද ඔවුන් අවධාරණය කරයි.

නිලූකා ඒකනායක මහත්මියට ආණ්ඩුකාර ධුරය ලබා දුන්නේද සිරිසේන ජනාධිපති විසින්මය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න