ඉන්ධන මිල අඛණ්ඩව සිවුවන වරටත් අඩුකෙරේ !

ඉන්ධන මිල අඛණ්ඩව සිවුවන වරටත් අඩුකෙරේ !

ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2/= බැගින් අඩු කිරීමට රජය තීරණය කර ඇත.

එසේම යුරෝ 4 (EURO-4) විමෝචන ප්‍රමිතිකරණය යටතේ පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක් වන සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින් අඩු කිරීමටද රජය කටයුතු කර ඇත.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් සහ පෙට්‍රල් මිල පහත පරිදි අඩු කරනු ලැබේ.

Captureoil

ඉන්ධන මිල සෑම මසකම 10 වැනි දින සමාලෝචනය කිරීම යටතේ මෙවර ද මිල අඩු කරන ලද නමුත් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව රජය අවධාරණය කරයි. සිංගප්පූරුවේ බ්‍රෙන්ට් (BRENT) වෙළෙඳපොළේ බොරතෙල් මිල සහ සිංගප්පූරුවේ ම ෆ්ලැට්ස් (PLATTS) වෙළෙඳපොළේ නිමි පෙට්‍රල් සඳහා වන මිල පසුගිය සති දෙකක කාලයක් තිස්සේ අඛණ්ඩව වැඩි වෙමින් පවතී.

 

තෙල් මිල අවසන් වරට වැඩි කළ පසුගිය වසරේ ඔක්තෝබර් 10 වැනි දින තෙක් ඉන්ධන මිල අඛණ්ඩව වැඩි වූ අතර ඔක්තෝබර් මස 10 වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 85ක් ලෙස සඳහන් විය. එය ඔක්තෝබර් 26 වැනි දා වන විට ඇ.ඩො. 58 දක්වා අඩු වූ අතර අවසන් වරට මිල අඩු කළ දෙසැම්බර් 21 වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 52 දක්වා අඩු වී තිබිණි.

කෙසේ වෙතත් 2019 ජනවාරි මස දෙවැනි සතියේ සිට බොරතෙල් මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර අද වන විට (ජනවාරි 10) බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 59 ඉක්මවා ගොස් ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න